මෙවර ජනාධිපති අපේක්ෂකයන් 31ක්

මෙවර ජනාධිපති අපේක්ෂකයන් 31ක්


2019 ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයන් 31 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවත් එය බොහෝ විට 35ක් දක්වා ඉහල යාමට ඉඩ ඇති බවත් “YOUTH FIRST” තරුණ හමුවට එක් වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති තුමන් වන මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරන ලදී.


ජනාධිපතිවරණ ඉතිහාසයේ මෙතෙක් වැඩිම අපේක්ෂකයන් ගණනක් ජනාධිපති සිහින දකින මැතිවරණය මෙය වීම විශේෂත්වයකි. එමෙන්ම හිටපු ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, විපක්ෂනායක හෝ හිටපු විපක්ෂනායක වරයෙක් තරඟ නොවදින ප්‍රථම ජනාධිපතිවරණය ලෙසද මෙය ඉතිහාසයට එක්වනු ඇත.

www.reader.lk