හසිනි නිසා ෆිල්ටි නිරූපණ ශිල්පියෙක් වෙයිද ?


හසිනි නිසා ෆිල්ටි නිරූපණ ශිල්පියෙක් වෙයිද ?

ජනප්‍රිය රැප් ගායක ෆිල්ටි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ කතාබහකට ලක් වුණා. ඒ ඔහුගේ සහ නිරූපණ ශිල්පිණි හසිනි සම්බන්ධයෙන්.

ඔවුන් දෙදෙනාගේ හැසිරීම සහ ඔවුන් අතර සිදු වූ සිදුවීමක් හේතුවෙන් අන්තර්ජාලයපුරා කතාබහක් ඇති වුණා.

කෙසේ වෙතත් පසුව ඔවුන් දෙදෙනාගේ ගීතයක් ද අන්තර්ජාලයට එක් කෙරුණු අතර මේ වන විට අපට දැනගන්නට ලැබෙන තොරතුරු අනුව ෆිල්ටි ඉදිරියේදී නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීමට සුදානමක් පවතින බව අනාවරණය වී තිබෙනවා.

අනෙකුත් රට වල රැප් ගායකයින් එලෙස නිරූපණ ක්ෂේත්‍රයට යොමුවන අතර ශ්‍රී ලංකාවේ මෙය ප්‍රථම වතාවට සිදු වන බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය බාවිතා කරන ඇතැමුන් පෙන්වා දෙන්නේ ෆිල්ටි මෙලෙස නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ ඇත්තේ හසිනි හේතුවක් විය හැකි බවයි.










www.reader.lk