ඉරාජ්ට youtube එකෙන් BMW කාර් එකක් ?



ඉරාජ්ට youtube එකෙන් BMW කාර් එකක් ? සමන්ත බද්‍ර හිමිත් කාර් එක පදවයි ?


පසුගිය කාලයේ ආන්දෝලනාත්මක නිර්මාණ රැසක් සිදු කළ ඉරාජ් වීරරත්න BMW වර්ගයේ නවතම මෝටර් රථයක හිමිකරුවෙක් වී ඇති අතර එය සමන්ත බද්‍ර හිමි ධාවනය කිරීමට සුදානම් වන ඡායාරූප පෙළක් සමාජ ගතව තිබෙනවා.


ඔහු එම මෝටර් රථය සමග ගත් ඡායාරූප කිහිපයක් සහ සමන්ත බද්‍ර හිමි හිමි එම රථයේ සිටින ඡායාරූප කිහිපයක් මෙලෙස සමාජ ජාල වෙබ් අඩවි තුල හුවමාරු වනවා.


ඔහු මෙම ඡායාරූප ඔහුගේ ෆේස්බුක් පිටුව වෙත ඉරිදිපත් කර ඇත්තේ " Thank You #YouTube" ලෙසයි.


එමෙන්ම පසුගිය වසරක youtube ආයතනය විසින් ඔහුගේ youtube පරිශීලකයින් වැඩිවීම හේතුවෙන් ඔහුට තිළිණයක් ද ඒවා තිබුණා.


එම හේතුවෙන් ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙයද ඔහුට youtube ඔස්සේ ලැබුණු ත්‍යාගයක් බවයි.


එමෙන්ම තවත් පුද්ගලයින් සඳහන් කරන්නේ පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි තුල ඔහුගේ ගීත විශාල වශයෙන් ජනප්‍රිය වීමත් සමගින් ඔහු උපයන ලද youtube මුදලින් මෙවැනි මෝටර් රථයක් මිලදී ගෙන ඇති බවයි.


එම ඡායාරූප පෙළ පහතින් බලන්න.









www.reader.lk