වෙසක් සහ පොසොන් තොරණ මෙදා සැරේ තහනම් - ඇත්තම හේතුව මෙන්න


වෙසක් සහ පොසොන් තොරණ මෙදා සැරේ තහනම් - ඇත්තම හේතුව මෙන්න

වෙසක් සහ පොසොන් පොහොය දිනවලදී පමණක් තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ බෞද්ධයන්ගේ වැදගත්ම දිනය වන පොහොය දිනය තරුණ පිරිස් පන්සලේ රැදී නොසිටීම හේතුවෙන්. එම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

පෙහොය දිනවලදී වැඩිහිටි කිහිප දෙනෙකු පමණක් ආගමික වතාවත්වල නිරත වීම හේතුවෙන් අඩු පිරිසක් පන්සලේ රැදී සිටීම හේතුවෙන් තොරණ පොහොය දිනයට පසුදින ප්‍රදර්ශනය කරන ලෙසට දැනුම් දී තිබෙනවා.

බුද්ධ ශාසන අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලසිරි හිමියන්ට අක්ත පත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදීයි.

www.reader.lk