සමන්ත භද්‍ර හිමි මල්වතු මහනා හිමි වැඳ සමාව ගනී
" තුන්වෙනි සැරෙටනම් සමාවක් නැහැ"
සමන්ත භද්‍ර හිමි හෙවත් පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල හිමියන් ඊයේ දින බැහැ දුටුවා.
ඒ මල්වතු පාර්ශවයේ කාරක සංග සභාව ද බැහැ දැක සාකච්චාවක නිරතවීමෙන් අනතුරුවයි.
එහිදී සිරිධම්ම හිමියන් සමාව ඉල්ලු අතර සමාව භාරගැනීම ලිඛිතවද සිදු වූ අතර එහිදී මල්වතු පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල හිමියන් සඳහන් කලේ තෙවැනි වරටත් සමාවක් නොමැති බවයි.
එහිදී අදහස් දැක්වූ සිරිධම්ම හිමියන්
“යම් අයුරකින් මා අතින් ප්‍රකාශ සිදු කරන විටදි මල්වතු මහා නායක හිමිවරුන්ට හා මල්වතු පාර්ශවයට යම් අපහසුතාවයක් ඇතිවුවනම් ඒ සම්බන්ධව සමාව ඉල්ලා සිටිනවා. මට සමාව ගන්න ලැජ්ජාවක් නෑ. මම කිසිම තැනක නමක් සඳහන් කරල දළදා වහන්සේට අපහාස කරල නෑ.”
තමන් රහත් භාවය ලබා ඇතැයිද පවසමින් විවිධ අවස්ථාවල යම් යම් ප්‍රකශ සිදුකලා.
දන්ත ධාතුව ඌරු දතක් ලලාට ධාතුව සිප්පි කටුවක් යයි කියමින් ද උන්වහන්සේ කළ විවිධ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි තුල හුවමාරු වුණා.
එම ප්‍රකාශය පහතින් බලන්න.