මේනකා මධුවන්ති ලිංගික විපර්යාසයකට ලක්වෙලා ?

මේනකා මධුවන්ති ලිංගික විපර්යාසයකට ලක්වෙලා ?

දක්ෂ රංගන ශිල්පිණි මේනකා මධුවන්ති සම්බන්ධයෙන් පුවතක් සමාජ ජාල වෙබ් අඩවි තුලින් පලවෙමින් පවතිනවා.

ඒ ඇය ලිංගික විපර්යාසයකට ලක් වූ බව පවසමින්. මේ සම්බන්ධයෙන් පුවත් පතකට අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ අනෝරා චිත්‍රපටය තම චරිතය සම්බන්ධයෙන් මෙලෙස කතාබහ වන බවයි.

මේනකා ලිංගික විපර්යාසයකට මුහුණ දුන්නලු නේද ?
ඔය කියන්නේ මම සම්බන්ධ වුණු ”අනෝරා” කියන චිත්‍රපටය ගැනනේ. ඒ චිත්‍රපටය හෙක්ටර් කුමාරසිංහගේ. එහි නර්තන ශිල්පිනියකගේ චරිතයක් මම නිරූපණය කරන්නේ. ඒ චරිතය ලිංගික විපර්යාසයකට ලක්වෙනවා. ඉතිං මට ගැහැණු චරිතයක් සහ පිරිමි චරිතයක් ඒ චිත්‍රපටයේ නිරූපණය කරන්න තිබුනේ. ඒක අභියෝගාත්මක චරිතයක්. මම ඒ චරිතය හරිම ආසාවෙන් කලේ, මම කොහොමත් වෙනස් චරිතවලට කැමති.
දැන් ආක්ෂා එක්ක තිබ්බ යාළුකටම මොකද වෙලා තියෙන්නේ ?
ඒ යාළුකම තාම එහෙමම තියෙනවා.
හැබැයි ඉස්සවර වගේ ආක්ෂයි මේනකයි එකට දකින්න ලැබෙන අවස්ථා අඩුයිනේ ?
අපි දෙන්නගේ ඡායාරූප නිසා අපේ ජීවිතවල ගොඩක් දේවල් වෙනස් වුණා. ඒ නිසා මමමයි ආක්ෂට කීවේ අපේ පින්තූර දාන්න එපා කියලා. කොහොමවුනත් පින්තූරවලින් යාළුකම පෙන්වන්න බෑ. අපේ යාළුකම අපි අතර තාම තියෙනවා.













www.reader.lk