LTTE යට සහයෝගය දුන් සිංහල කොටින්ගේ වැඩ හෙළි වෙයි

LTTE යට සහයෝගය දුන් සිංහල කොටින්ගේ වැඩ හෙළි වෙයි

2012 වර්ෂයේ වැලිකඩ බන්දනාගාරය තුලදී සිරකරුවෝ සහ නිලධාරීන් අතර සිදු වෙඩි තබාගැනීම් තම වාසියට හරවා මුදල් ලබා ගැනීමට උත්සහ දරන පිරිසක් සම්බන්ධයෙන් අනාවරණයක් නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන මගින් සිදු කර තිබෙනවා.



බැලුම්ගල වැඩසටහන මගින් සදහන් කර ඇත්තේ LTTE යට සහයෝගය දක්වපු ඇතැම් සිංහල පුද්ගලින් මෙම ක්‍රියාවෙහි නිරත වන බවයි.

වැලිකඩ බන්දනාගාරය තුලදී සිරකරුවෝ සහ නිලධාරීන් අතර සිදු වෙඩි තබාගැනීමෙන් ජිවිතක්ෂයට පත් වූ සිරකරුවන් 27 දෙනෙකුගෙන් 16 දෙනෙකුට ලක්ෂ 20 බැගින් වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහිදී සිරකරුවන් 11 දෙනෙකු වෙනුවෙන් එම වන්දි මුදල නොගෙවන අතර ඊට හේතුව වී ඇත්තේ සිරකරුවන් බන්දනාගාරය පිටතට පැමිණ වෙඩි තබමින් සිදු කල ක්‍රියාවන් හේතුවෙන්.

LTTE යට සහයෝගය දක්වපු ඇතැම් සිංහල පුද්ගලින් මෙම පුද්ගලයින් සදහාත් වන්දි මුදල් ලබා ගැනීමට විවිද ක්‍රියා සිදු කරන බවයි නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන මගින් අනාවරණය කර ඇත්තේ.

ඔවුන් එහිදී අනාවරණය කර ඇත්තේ මෙම සිංහල කොටි හෙවත් LTTE යට සහයෝගය දක්වපු ඇතැම් සිංහල පුද්ගලින් හට ඒ සදහා විශාල මුදලක් NGO මගින් හිමි වන බවයි.

මෙම අනාවරණයත් සමග මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුලද මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

ඇතැමුන් මේ සදහා අදහස් දක්වමින් සමාජ ජාල භාවිතා කරන පුද්ගලයින් පවසා ඇත්තේ සිරකරුවෙකු වන්නේ මිනීමැරුමක් සහ පාතාලෙට සම්බන්ධ පුද්ගලයෙක් බවත් ඔවුන් සදහා එක් අයකුට ලක්ෂ 20 ක වන්දි මුදලක් ලබා දෙද්දී මීතොටමුල්ල කුණු කන්ද නායයාම නිසා අසරණ වූ පුද්ගලයෙක් සදහා ලක්ෂයක් වැනි ඉතා සුළුමුදලක් ලබා දීම ඉතා කණගාටුවට කරුණක් බවයි.

මේ සම්බන්ධයෙන් සිදු කල සම්පුර්ණ වැඩසටහන පහතින් අහන්න.




සමාජ ජාල වෙබ් අඩවි තුලද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබු අයුරු









www.reader.lk