වික්ටර් රත්නායකයන් ගැන සංගීත් වික්‍රමසිංහ කියන හඩපට බොරුවක්

වික්ටර් රත්නායකයන් ගැන සංගීත් වික්‍රමසිංහ කියන හඩපට බොරුවක්

ප්‍රවීණ සංගීත ශිල්පී වික්ටර් රත්නායකය මහතා සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ සමාජ ජාල වෙබ් අඩවි තුලින් දැඩි කතාබහක් ඇති වුණා.


ඒ ඔහුගේ බාල පුත් ලෙලුම් රත්නායක කළ ප්‍රක්ෂයක් සම්බන්ධවයි. කෙසේ වෙතත් ලෙලුම් කළ එම ප්‍රකාශයන් සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පුද්ගලයින් තම අදහස් සමාජ ජාල වෙත එක් කර තිබෙනවා.

මේ අතර ප්‍රවීණ සංගීතවේදී සංගීත් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පල කල යැයි කියන ප්‍රකාශයක් සමාජ ජාල වෙබ් අඩවි තුලට එක් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී සංගීත් වික්‍රමසිංහ මහතා සදහන් කලේ එලෙස කිසිදු අදහසක් තමන් දක්වා නැති බවත් එම හඩපට ව්‍යාජ ලෙස තම නම භාවිතා කළ නිර්මාණය කර ඇති බවයි.

එම හඬපටය පහතින් බලන්න.







www.reader.lk