නියමුවරියන් දෙදෙනෙකු මෙරට ගුවන් ඉතිහාසය වෙනස් කරයි

 


මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට නියමුවරියන් දෙදෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලලත් නිලධාරින් ලෙස සුදුසුකම් ලැබුවා.


ඔවුන් ත්‍රිකුණාමලය – චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේ පුහුණුව ලැබූ බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.

පියාසර නිල ලාංඡන පැළදවීම ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේ පැවති එම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ද සහභාගි වූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

Photo news24.lk

www.reader.lk