විල්පත්තුව එළිපෙහෙළි කර ජනාවාස ඉදිකිරීම නීතිවිරෝධී බව අභියාචනාධිකරණය තීරණය කරයි




පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතාගේ මෙහෙයවීමෙන් විල්පත්තු ප්‍රදේශයේ අක්කර සිය ගණනක් එලි පෙහෙලි කරමින් ජනාවාස ඉදිකිරීම නීතිවිරෝධී බවට අභියාචනාධිකරණය අද තීරණය කළා.

ඒ අනුව අදාළ ප්‍රදේශය පුද්ගලික ධනයෙන් නැවත වගා කරන ලෙසටයි අධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඞ් බදියුදීන් මහතාට නියෝග කළේ.

ජනක් ද සිල්වා, නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝගය ලබා දුන් බවයි සිත නිව්ස් 24 අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතා වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පෙත්සම ගොනු කර තිබුණා.

පෙත්සම්කාර පාර්ශවයට වැයුවූ නඩු මුදල ද සිය පෞද්ගලික මුදල් වලින් ගෙවන ලෙසයි අභියාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

www.reader.lk