ඉරාජ්ගේ youtube චැනල් එකටත් කෙළියි


ඉරාජ්ගේ youtube චැනල් එකටත් කෙළියි


සමාජ ජාල වෙබ් අඩවි තහනම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇති වුනා.



ඒ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ නිල ෆේස්බුක් පිටුව ඉවත් කිරීමත් සමගයි.


ඔහුගේ ලක්ෂ 10 ට අධික පරිශීලකයින් පිරිසක් සිටි නිල ෆේස්බුක් පිටුව කිසිදු හේතුවකින් තොරව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා එල්ල කර සිටියේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාටයි.


ඒ කුරගල පන්සල සදහා විදුලිය ලබාදීමට යාමේදී සිදු වූ සිද්ධීන් කිහිපයක් හේතුවෙන්. කෙසේ වෙතත් මේ වන විට අපට ලැබන තොරතුරු අනුව ඉරාජ් වීරරත්නගේ youtube ගිණුමටද ප්‍රහාරයක් එල්ල වී ඇති බවට වාර්තා වනවා.


ඔහු පසුගිය දා 2020 ජනාධිපතිවරණයේ තරග වදින නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සමග කළ වීඩියෝ පටය මේ වන විට කිසිදු හේතුවකින් තොරව ඔහුගේ youtube ගිණුමෙන් ඉවත් කර තිබෙනවා.


අද දවස වන විට එම වීඩියෝ පටය youtube වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ ඉහලින්ම පැවති වීඩියෝ පටයක් ලෙස youtube සමගම සඳහන් කර තිබුනා.


කෙසේ වෙතත් මෙම වීඩියෝව ඉවත් කිරීම පිටු පස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධයෙක් ඇති බවට ඉරාජ් වීරරත්න චෝදනා එල්ල කරනවා.


එමෙනම් ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙවර නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම හේතුවෙන් මෙලෙස සිදු කර ඇති බවයි.


වත්මන් ආණ්ඩුව ඔහුගේ වැඩපිළිවෙල හේතුවෙන් කලබල වී මෙලෙස සිදු කරනන්ට ඇති බවයි ඔවුන් සැක කරන්නේ.


තවද නාගානන්ද කොඩිතුවක්කු මහතා පැහැදිලි දර්ශනයක් සහිතව මෙම මැතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙන් යම් කිසි තරඟකාරී බවක් ඇති වීමට ඉඩ ඇති බවයි ඔවුන් විශ්වාස කෙරෙන්නේ.




මේ වන විට මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුලද කතාබහක් ඇතිව තිබෙනවා.




www.reader.lk