අශේන් නිසා රැකියාව නැතිවෙන්න යන තරුණයා


අශේන් නිසා රැකියාව නැතිවෙන්න යන තරුණයා

"මගේ වීඩියෝ එක දන්න මං අවසර දුන්නේ නැහැ"

සමාජ ජාල වෙබ් අඩවි තුල විවේචනයට ලක් වූ අශේන් සේනාරත්න නමැති පුද්ගලයා සම්බන්ධයෙන් මිට පෙර ලිපියක් මගින් අප වාර්තා කළා.



එහිදී ඔහුගේ වැරදි සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමක් සිදු කර සිටියා.


එහිදී ඔහු කියා සිටියේ එම වීඩියෝවට සහභාගී වූ සියලු දෙනා දැනුවත්ව මෙය සිදු කල බවත් අවසානයේ ඔවුන්ගේ කැමැත්ත මත විකාශයන කර බවයි.

කෙසේ වෙතත් එම වීඩියෝවට යොදාගත් තරුණයෙකුට මේ වන විට රැකියාව සම්බන්ධයෙන්ද ගැටළු ඇති වී ඇති බවට වාර්තා වනවා.



එම තරුණයාට අශේන් සේනාරත්න නමැති පුද්ගලයා මෙය අන්තර්ජාලයට යොදා ගන්නා බව දැනුවත් නොකළ බවත් මේ හේතුවෙන් තමන් පුද්ගලිකව විශාල ගැටළු රාශියකට මුහුණ පා ඇති බවයි ඔහු පවසන්නේ.



www.reader.lk