tik tok එකේ ලංකාවම කැළඹු මැණිකේ ඔබේ සිනාවේ සම්පුර්ණ ගීතය පිට වෙයි


tik tok එකේ ලංකාවම කැළඹු මැණිකේ ඔබේ සිනාවේ සම්පුර්ණ ගීතය පිට වෙයි

ලිංගිකත්වය උඩ දාන අධ්‍යක්ෂකවරුන්ට ඉරාජ් ගෙන් කනේ පාරක්

පසුගිය දින කිහිපයේ tik tok ඇප් එක මගින් අතිශය ජනප්‍රිය වූ "මැණිකේ ඔබේ සිනාවේ" ගීතයේ සම්පුර්ණ ගීතය මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.


කවදාවත් අන්තර්ජාලයේ කතාබහකට ලක් වන ආන්දෝලනාත්මක නිර්මාණ සිදු කරන ඉරාජ් මෙම නිර්මාණය සිදු කර ඇති අතර ගීතය සමිතා මුදුන්කොටුවද ගායනා කරනවා.

youtube ඔස්සේ ගීත ජනප්‍රිය කිරීමට ලිංගිකත්වය යොදා ගන්නවා යැයි බොහෝ චෝදනා ඉරාජ් වෙත එල්ල වුණා.

කෙසේ වෙතත් ඒ සියලු චෝදනා බාර ගනිමින් මෙවර ආන්දෝලනාත්මක ගීතයක් නිර්මාණය කර ගීතය ජනප්‍රිය වීම සම්බන්ධයෙන් ද සමාජ ජාල වල අදහස් හුවමාරු වනවා.


කෙසේ වෙතත් ලිංගිකත්වය හුවා දක්වන නිර්මාණ සිදු කරන අධ්‍යක්ෂක වරුන්ට මෙවර ඉරාජ් කනේ පහරක් දී තිබෙනවා.



www.reader.lk