වනජීවි ඇමතිගෙනුත් නෙත් රේඩියෝවට බලපෑම්



වනජීවි ඇමතිගෙනුත් නෙත් රේඩියෝවට බලපෑම්


ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු විසින් මෙරට කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යන ජාවාරම්කරුවන් පිරිසකට සහය ලබා දෙන බව සම්බන්ධ පුවතක් පසුගියදා නෙත් නිවුස් වෙබ් අඩවිය හරහා අනාවරණය කිරීමත් සමඟ එය රටේ ආන්දෝලනාත්මක කතා බහකට ලක්වුනා.



එම පුවතෙහි අන්තර්ග වූයේ ප්‍රභල අමාත්‍යවරයෙකු විසින් මෙරට කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යන ජාවාරම්කරුවන් පිරිසකට සහය ලබා දෙන බවත්, අදාළ ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී ඔවුන් මුදා හැරීමට පවා එම අමාත්‍යවරයා කටයුතු කර ඇති බවත්ය.


මෙම පුවත ප්‍රසිද්ධ වීමත් සමඟ වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා විසින් නෙත් එෆ්.එම් ආයතනයට එම පුවත ඉවත් කරගන්නා ලෙස විවිධ බලපෑම් සිදුකර තිබෙනවා. එසේම අදාල පුවත වෙබ් අඩවියෙන් ඉවත් කර නොගතහොත් නෙත් එෆ්.එම් මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද දැනුම් දී තිබෙනවා.


මේ අතර අදාල ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකලා.


( උපුටා ගැනීම නෙත් ෆ්ම්)


www.reader.lk