මැතිවරණයකට පෙර මහින්ද අගමැති කරනවා ? - ඩිලාන් පෙරේරා
එළඹෙන මැතිවරණයකට පෙර රටේ අග්‍රාමාත්‍යවරයා ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කර ගැනීමට සියලු උපක්‍රම භාවිතාකරන බව පර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසට පත් කර ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
ජාතික ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනා ඇතුළු මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ 70 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.
ජාතික ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනා ඇතුළු මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ 70 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.