නිරුවත් මියුසික් වීඩියෝ ඉවත් කරන්න කලාකරුවෝ රැස් වෙයි



නිරුවත් මියුසික් වීඩියෝ ඉවත් කරන්න කලාකරුවෝ රැස් වෙයි


ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ සමාජයට අහිතකර මියුසික් වීඩියෝ අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාවේ සංගීත ශිල්පින් කිහිපදෙනෙකු ඇතුළු නළු නිළියන් කිහිපදෙනෙකු ඉදිරියේදී කටයුතු කිරීමට සුදානම් බව වාර්තා වනවා.

ඒ සඳහා කලාකරුවන් එක්ව whatsapp group එකක් නිර්මාණය කර තිබෙනවා. එහිදී ඔවුන් බලාපොරොත්තු වන්නේ එම වීඩියෝ සම්බන්ධයෙන් පියවරක් ගැනීමටයි.

මේ සම්බන්ධයෙන් ගෘප් එක හරහා සකච්ඡා කටයුතු සිදු කෙරෙන අතර සංගීතවේදි දිනේෂ් සුබසිංහ, ගයාන් වික්‍රමතිලක ප්‍රමුකව මෙම කටයුතු සිදු වන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ නිර්මාණය වන අහිතකර වීඩියෝ සියල්ල අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට තාමාට හැකි බව දිනේෂ් සුබසිංහ whatsapp group එක හරහා පවසා තිබෙනවා.

වැඩි දුරටත් ඔහු එම group එකෙහි සඳහන් කරනේ ඒ සියල්ල තමන්ට සිදු කිරීමට හැකි බවත් ඒ සඳහා ජුලි මස 6 වනදා ශ්‍රී ලංකාවේ ගායක සංගමයේ සභාපති කිර්ති පැස්කුවල් මහතා හමුවී මේ සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට ද ඔවුන් සුදානම්ව සිටිනවා.

එහිදී විශේෂයෙන් ඉකුත් දින සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇති වුණ ගීතයක් වූ "මල්ලී" ගීතය ඉවත් කිරීමට සුදානම් වන බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

තවද නිරුවත් සහ අඩනිරුවත් දර්ශන සහිත නිර්මාණ, අපහස කරන ලද මියුසික් වීඩියෝ ඉවත් කිරීමට අරමුණ වී ඇති බවයි වාර්තා වන්නේ.

www.reader.lk