නිරුවතට වැටෙන views රණවිරුවන්ට නැහැ ?



නිරුවතට වැටෙන views රණවිරුවන්ට නැහැ ?

"මේ රටේ වැඩිපුර Market වෙන්නේ කුණු "


ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් අලෙවි වෙන්නේ කුණු බව ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න පවසනවා.


ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්. ඉරාජ් පසුගිය කාලයේ සිදු කළ ආන්දෝලනාත්මක ගීත වලට නිරුවත යොදා ගැනීම හේතුවෙන් ඔහු සමාජය තුල විවේචනයට ලක් වුණා.


ඔහු නිරුවත යොදාගැනීම සම්බන්ධයෙන් සහ ඔහුගේ මියුසික් වීඩියෝ සම්බන්ධයෙන් ද විවිධ මාධ්‍ය සජීවී වැඩසටහන් තුළ විවේචනයට ලක් කළා.


ඒ සියල්ලට පිළිතුරු ලබා දෙමින් ඔහු පවසා සිටියේ ඉල්ලුමට සැපයුම ඔහු ලබා දෙන බවත් සමාජ ජාල භාවිතා කරනන් කොපමණ විවේචනය කළත් ඔවුන්ට අවශ්‍ය නිරුවත යොදා ගැනීමේ දර්ශන බවයි.


ඔහුගේ නිරුවත යොදා ගැනීමේ දර්ශන සහිත මියුසික් වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැර පැය කිහිපයක් ගත වීමට පෙර මිලියනයකට ආසන්න ප්‍රමාණයක් නරඹා තිබුණා.


කෙසේ වෙතත් ඔහු ඉකුත් දින යුද්ධයේ ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් මුදල් වෙන් කිරීමට නිර්මාණය ගීතය පෙර ගීත මෙන් යුටියුබ් ඔස්සේ නරඹා නැහැ.


එය යුද්ධයෙන් ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් පමණක් නිර්මාණය කර ඇති අතර එයට ඔහු ලිංගික දර්ශන හෝ නිරුවත් දර්ශන ඇතුලත් නොකර නිර්මාණය කර තිබෙනවා.


මෙම නිර්මාණය හේතුවෙන් රණවිරුවන් එකතු වී ඔහුට සම්මානයක්ද පිරිනමා ඇති බවට වාර්තා වනවා.


ඒ සම්බන්ධයෙන් ඔහු පළ කළ සටහන පහතින් බලන්න.




www.reader.lk