රටම කලඹන තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් ඉරාජ්ගෙන් - ඡායාරූපත් පිට වෙයි



රටම කළඹන තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් ඉරාජ්ගෙන් - ඡායාරූපත් පිට වෙයි

මේ පාර කාගේ කතාවද ?


"වීඩියෝව ගැන කතා කිරීම ඉරාජ් ප්‍රතික්ෂේප කරයි"

කාලයෙන් කාලයට ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නිර්මාණ සිදු කරන ඉරාජ් වීරරත්න තවත් මියුසික් වීඩියෝවක් ඉදිරි දින කිහිපය තුල අන්තර්ජාලයට එක් කිරීමට සුදානම් වී සිටිනවා.



ඔහු ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් ඔහුගේ ෆේස්බුක් පිටුව තුලින් දැනුම් දීමක් සිදු කළා.


කෙසේ වෙතත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් පැවසුනේ මෙම වීඩියෝව "දැනුනා" ගීතය මෙන් ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් කතාබහකට ලක්වනු ඇති බවයි.


දැනුනා ගීතය වික්ටර් රත්නායක මහතාගේ ජිවිත කතාව ලෙස යොදා ගත බවට සමාජ ජාල භාවිතා කරන්නන් පසුගිය කාලයේ චෝදනා කළා.


මෙම හේතුවෙන් මෙම ගීතයත් යම් පුද්ගලයෙකුගේ ජිවිත කතාවක් ද යන්න ගැටළුවක්.


ඒ සම්බන්ධයන් අප ඔහුගෙන් විමසීමක් කළ ද ඔහු එය ප්‍රතික්ෂේප කර සිටියා.

මේ අතර ඔහුගේ නවතම ගීතය වන නිම්නාවියේ ගීතයේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්ව ඇති අතර එම ඡායාරූප පහතින් බලන්න.


*සැ:යු - නිරුවත් දර්ශන හේතුවෙන් ඡායාරූප සංස්කරණය කළ බව කරුණාවෙන් සලකන්න !








www.reader.lk