ගායක ගායිකාවෝ ඉරාජ්ට වට කර ගහයි


ගායක ගායිකාවෝ ඉරාජ්ට වට කර ගහයි

" මේක බලෙන් පෙන්නන එකක් නෙවෙයි.. ඒ දේවල් මිනිස්සු තීරණය කරන ඕනි.. - ඉරාජ් "

ශ්‍රී ලංකාවේ මේවන විට මියුසික් වීඩියෝ කලාවේ රැල්ලක් ඇතිව තිබෙනවා. ඒ නිරුවත යොදා ගනිමින් සිදු කරන ලද නිර්මාණයි.



මෙලෙස සිදු කරන නිර්මාණ සම්බන්ධයෙන් ගායක ගායිකාවන් පුවත් පතකට අදහස් දක්වා තිබෙනවා.

එහිදී ප්‍රවීණ ගායක අමරසිරි පීරිස් මහතා සඳහන් කර ඇත්තේ කලාව අවතැන් වූ තැන හැමදෙම විනාශ වී යන බවයි. එමෙන්ම ඔහුගේ කාලයේ ගීත වල සංවර කමක් තිබු බවත් ඔහු පවසනවා.


තවද ජගත් වික්‍රමසිංහ පවසන්නේ මෙවැනි නිර්මාණ සිදු කරන පුද්ගලයින් හට පවුල් පසුබිමක් නොමැති බවත් සංගීතය යන විෂය දුෂණය නොකළ යුතු විෂයක් බවයි ඔහු පවසා ඇත්තේ.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශෂිකා නිසංසලා පවසන්නේ නිරුවත යොදාගැනීමෙන් සිදු වන්නේ ක්ෂේත්‍රය විනාශ කිරීමක් බවයි.


මෙලෙස බොහෝ චෝදනාවට ලක්වන පසුගිය කාලයේ ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝ නිර්මාණය කල ඉරාජ් පවසන්නේ මිලියන ගණන් බලලා තිබෙන්නේ මිනිස්සුන්ට වැඩි වැඩියෙන් අවශ්‍ය නිසා බවයි.


" මිනිස්සු තමන්ට කැමති ඒවා බලයි.. නැති ඒවා බලන්නේ නැතිව ඉඳි.. යුටියුබ් එකේ පෙන්නනවානේ කීයක් බැලුවාද කියලා.. සමහර වීඩියෝ 500ක්. සමහර වීඩියෝ මිලියන 6- 7 ක්. මිලියන ගණන් බලලා තියෙන ඒවා කියන්නේ මිනිස්සු වැඩියෙන් ඒවා ඉල්ලනවා කියන එකනේ..


මියුසික් වීඩියෝ එකක් කිව්වම සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් දෙයකට පාවිච්චි කරන්න කියලා තමයි මම කියන්නේ.. නිරුවත කියන දේ ගත්තොත් මගේ මියුසික් වීඩියෝ වල පාවිච්චි කරන පැටර්න් එකක් තියෙනවා.


අවුරුදු දෙකකට කලින් මගේ මියුසික් වීඩියෝවක තොල් සිප ගැනීමක් තිබ්බා කියලා ලංකාවේ අය යකා නැටුවනේ.. සිල් බිඳ ගත්තේ කියන මියුසික් වීඩියෝවේ තොල් සිප ගැනීම තිබ්බා කියලා සමහරක් පිරිස් මාධ්‍ය හමු තියලා මාව තහනම් කරන්න ඕන කියලා කිව්වා...


ලෝකයේ වෙන රට වල මිනිස්සුන්ට ගිහිල්ලා කිව්වම උන් හිනා වෙන්වා.. උඹලගේ රටේ තාම වහල්ලුද ඉන්නේ කියලා අහනවා.. දැන් ඒවා සාමාන්‍ය ඒවා වෙලා.. මම කලේ ෆ්‍රේම් එක කඩන එක විතරයි...


මට පස්සේ ආපු අය ඒක ජරා විදිහට කරනවා.. තේරුමක් නැතුව සල්ලි හම්බ කිරීමේ පරමාර්ථයෙන් කරනවා.. බලන අයත් ඒවා හරි නැත්නම් බලන්නේ නැතිව ඉන්න ඕන.. මේක ජන මාධ්‍ය තුල නෙවෙඉ ප්‍රචාරය වෙන්නේ..


සමාජ මාධ්‍ය තුලින්.. යුටියුබ් ගිහින් සර්ච් කරලා තමන්ගේ ඩේටා කපා ගෙන බලන්නේ.. මේක බලෙන් පෙන්නන එකක් නෙවෙයි.. ඒ දේවල් මිනිස්සු තීරණය කරන ඕනි.. "



www.reader.lk