කි‍්‍රකට් පරිපාලනය රණතුංග අතට පත් වුවහොත් හතුරුසිංහ ඔස්ටේ‍්‍රලියාවේම නවතින ලකුණු


කි‍්‍රකට් පරිපාලනය රණතුංග අතට පත් වුවහොත් හතුරුසිංහ ඔස්ටේ‍්‍රලියාවේම නවතින ලකුණු


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සදහා මේ වන විට දින නියම වී අවසන්. මහ මැතිවරණයක් හා සමාන වැඩි අවධානයක් මෙවරද කි‍්‍රකට් නිලවරණය සදහා යොමු වී ඇත්තේ මෙරට ජනපි‍්‍රයම කී‍්‍රඩාව කි‍්‍රකට් බැවිනි.

කි‍්‍රකට් ආයතනයේ වත්මන් බලය දරන තිලංග සුමතිපාල ප‍්‍රමුඛ පාර්ශ්වය මේ වන විට මූල්‍යමය අතින් කි‍්‍රකට් ආයතනයට සුවිශාල ලාභයක් අත්කර දෙන්නට මෙවර සමත්කම් දැක් වූයේ නිදහස් කුසලානයේදී වාර්තා ගත ආදායමක් උපයා ගනිමින්.


මේ වන විට ශී‍්‍ර ලංකා පිලද දස්කම් අතරට පැමිණ සිටින අතර ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ආගමනයද ඊට විශාල රුකුලක් විය. තිලංග සුමතිපාල ප‍්‍රමුඛ පාර්ශ්වය හතුරුසිංහගේ සහාය යළි ශී‍්‍ර ලංකාවට ලබා ගැනීම සදහා විශාල කාර්යභාරයක් ඉටු කළේය.


විදෙස් පුහුණුකරුවෙකුට වඩා චන්දික හතුරුසිංහ වැනි ශී‍්‍ර ලාංකික පුහුණුකරුවෙකුගේ සහාය ශී‍්‍ර ලංකා පිලට ලබා ගැනීම වඩා වාසිදායක බව කාගේත් මතයයි. පසුබෑමකට ලක්ව සිටි ශී‍්‍ර ලංකා පිලේ දුර්වලතා හදුනා ගනිමින් හතුරුසිංහ මේ වන විට කණ්ඩායමේ කැපී පෙනෙන වෙනසක් සිදු කොට හමාරය.


එවන් පසුබිමක ඉදිරියේ පැවැත්වෙන කි‍්‍රකට් නිලවරණයද චන්දික හතුරුසිංහ ඉදිරි ගමන තීරණය වන තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ.


නිශාන්ත රණතුංග ලේකම් ධුරය දරන සමයේදී කලක් චන්දික හතුරුසිංහ පුහුණුකරු වශයෙන් කටයුතු කළද තමන්ට රිසි සේ කටයුතු කිරීමට හතුරුසිංහට එවක පරිපාලකයින් විසින් ඉඩ සලසා දුන්නේ නැත. මේ හේතුවෙන් යළිත් කුමන හෝ හේතුවක් මත රණතුංග පාර්ශ්වය කි‍්‍රකට් පරිපාලනයට පත්වුවහොත් චන්දික හතුරුසිංහ රට හැර යනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.


2019 ලෝක කුසලාන පෙනී පෙනී කි‍්‍රකට් පරිපාලනයේ වෙනසක් සිදුවුහොත් ශී‍්‍ර ලංකා පිලද යළිත් ආගාධයකට වැටෙනු ඇති බවයි කි‍්‍රකට් විචාරකයින් පෙන්වා දෙන්නේ. චන්දික හතුරුසිංහගේ සැලසුම් අනුව 2019 ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් වත්මන් කි‍්‍රකට් පරිපාලනය සැලසුම්සහගත ගමනක් මේ වන විට අරඹා අවසන්.


යම් හෙයකින් ලබන මැයි 19 වැනිදා පැවැත්වෙන කි‍්‍රකට් නිලවරණයේදී කි‍්‍රකට් ආයතනයේ බලය රණතුංග පාර්ශ්වයට පත්වුවහොත් චන්දික හතුරුසිංහ සහාය ශී‍්‍ර ලංකාවට යළිත් අහිමි වී යන අතර ඔහු යළි සිය නිවස පිහිටි ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යනු ඇති බවයි කි‍්‍රකට් ආරංචි පවසන්නේ.

www.reader.lk