දෙයියන්ටත් නොදැනීම මැටරඹ සතර මහා දේවාලය බැලුම්ගලට කොටු වෙයි


සල්ලි වලට මිත්‍යාව වපුරන නාළිකා


දෙයියන්ටත් නොදැනීම මැටරඹ සතර මහා දේවාලය බැලුම්ගලට කොටු වෙයි

මේ වන විට සමාජය තුල මිත්‍යාව වපුරන පුද්ගලයින් බොහෝ ලෙස දක්නට ලැබෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හරහාද මිත්‍යාව වපුරන පුද්ගලයින් හට මුදලට ප්‍රසිද්ධිය ලබා දෙන්නේ කිසිදු වගකීමකින් තොරවයි.

එහිදී එම මාධ්‍ය ආයතනයේ කෙරෙහි විශ්වාසය තබන අහිංසක මිනිසුන්, වගකීමකින් තොරව ලබා දෙන ප්‍රචාරණයන් වලට රැවටී අදාළ මිත්‍යාව වපුරන පුද්ගලයින්ගේ රැහැනට අසුවන අතර අහිංසක මිනිසුන්ගේ මුදල් එලෙස කඩාවඩා ගැනීමට මාධ්‍ය වක්‍රව උපකාර කරනවා.



එලෙස සිදු වූ අවස්ථා පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේද කතාබහකට ලක් වුණා. මිත්‍යාව වැපිරීම සම්බන්ධයෙන් ප්‍රකට මාධ්‍ය ආයතනයක සෑම සති අන්තයේම රාත්‍රී 11 වැඩසටහනක් විකාශය වනවා.


එම වැඩසටහන සඳහා සහභාගී කිර්ති කුමාර නමැති පුද්ගලයාගේ වංචා සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන සමත්ව තිබෙනවා.


ඔහු කරන වංචා සම්බන්ධයෙන් පැහැදිලි හෙළිදරව්වක් කිරීමට ඔවුන් සමත්ව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කල සම්පුරන් වැඩසටහන සහ රහසිගත වීඩියෝව පහතින් බලන්න.


මේ අනුව කිසිදු වගකීමකින් තොරව මිත්‍යාව වපුරන නාළිකා සම්බන්ධයෙන් දෙවරක් ඔබ සිතිය යුතු බවයි reader.lk අපගේ මතය.










www.reader.lk