අර්ජුන කමලනාත් නිසා බුද්ධික රඹුක්වැල්ල අඬයි


අර්ජුන කමලනාත් නිසා බුද්ධික රඹුක්වැල්ල අඬයි

මේ දවස්වල මඟතොටේ යනකොට අපට නිතර දකින්න ලැබෙන නමක් තමයි කුසල් කියලා කියන්නේ. ඒ වගේම හැමෝම කුසල් ගැන කතා කරනවා.



කුසල් කියන්නේ අර්ජුන කමලනාත් කුඩා දරුවන් වෙනුවෙන්ම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය.

පෙබරවාරි 23 ඉදලා දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමාශාලා වල තිරගත වීම ආරම්භ කරපු කුසල් චිත්‍රපටයට මේ වෙනකොටත් ලැබිලා තියෙන්නේ අති දැවැන්ත ජනතා ආකාර්ෂණයක්.

මේ චිත්‍රපටය නරඹපු සියල්ලන්ගේම මතය වෙලා තිබුනේ මේ කුසල් චිත්‍රපටය අනිවාර්යෙන්ම කුඩා දරුවන්ට දෙමාපියන් පෙන්වියම යුතු චිත්‍රපටයක් ලෙසයි.

ඒ වගේම මෑත ඉතිහාසයේ කුඩා දරුවන් වෙනුවෙන්ම නිපැයු චිත්‍රපටයක් ලෙස කුසල් නම්දරා අවසන්. මේ කුසල් බලපු රංගන ශිල්පී බුද්ධික රඹුක්වැල්ල මහාතා අඬන ගමන් කුසල් බලන්න එන හැමෝටම කරපු අභියෝගයයි.




" අර්ජුන් කමලනාත් මේ කරපු වැඩේ ආගමික නායකයෙක් බණ දහම් වලින් කරන්න ඕනේ වැඩේට සමානයි" කුසල් ගැන ජේෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම් හේරත් මහාතා අදහස් දක්වමින්...




" ලමුන් ගැන අර්ජුන හිතේ තියන ආදරය සෙනෙහස මේ චිත්‍රපටයෙන් දැනෙනවා " ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහාතාගේ අදහස්....



දැන් ඔබටත් පහත සිනමාශාලා සියල්ලන්ගෙන්ම කුසල් නරඹන්න පුළුවන්.



www.reader.lk