අර්ජුන කමලනාත්ගේ අලුත්ම සීන් එක එලියට


අර්ජුන කමලනාත්ගේ අලුත්ම සීන් එක එලියට

අර්ජුන කමලනාත් කියන කඩවසම් රංගන ශිල්පියා ගැන පසුගිය දිනවලදී පැතිරුණේ තරමක් ආන්දෝලනාත්මක පුවත්. මේ නිසාම බුකිය කලබවන චරිතයක් බවට ඔහු පත්වුනා. නමුත් ඒ හැම පුවතකටම ඔහු ඉතා අභියෝගාත්මකව නිවැරදි පිළිතුරු ලබා දුන්නා.


මේ ප්‍රශ්න ඒ ආකාරයෙන් නිමාවට පත්වෙද්දී අර්ජුන කමලනාත්ගේ අලුත්ම කතාව එළියට එන පුවතක් අපිට වාර්තා උනා. කුසල් කරන්න කැමති අර්ජුන ලමයි වෙනුවෙන් කුසල් කරලා. කුසල් කියන්නේ ඉතාමත් හොඳ ආදර්ශමත් ලමා චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය මව් පිය සෙනෙහස වඩාත් පිළිඹිබු කරන චිත්‍රපටයක්.

ඒ වගේම මේ කුසල් චිත්‍රපටය පෙබරවාරි මාසේ 23 සිට දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වීමට නියමිතයි.

කුසලට වෙලාවක් නැති අද කාලේ එන්න දරුවොත් එක්ක කුසල් බලන්න වෙලාවක් වෙන්කර ගන්න.






www.reader.lk