නදීකාගේ විවාහයත් දෙදරයි




නදීකාගේ විවාහයත් දෙදරයි

පසුගිය කාලයේ ජනප්‍රිය පුද්ගලයින් රැසකගේ විවාහයන් දෙදරා ගියා. ඒ අතර රංගන ශිල්පින් සහ ශිල්පිණියන් ද සිටි අතර රංගන ශිල්පිණී නදීකා චන්ද්‍රසේකරගේ විවාහයද මේවන විට දෙදරා ගොස් ඇති බවට වාර්තා වෙනවා.


ඔවුන් දෙදෙනා වෙන්වීමට ගත් තීරණය අනුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා.

නදීකා අධිකරණය වෙත පවසන්නේ ඇයගේ සැමියා ඇයට විවාහ වංචාවක් කළ බවයි. යසන්ත පුෂ්පකුමාර සමරවීර නමැති ඇයගේ සැමියා මීට පෙර නුවර ප්‍රදේශයේ විවාහ වු අයෙකු බවත් ඔහු ඒ බව නදිකාගෙන් වසන් කර ඇයව විවාහ කරගෙන ඇති බවට වාර්තා වී ඇත්තේ.


මෙම නඩුව පෙබරවාරි මසට කල් තබා ඇති අතර නදීකාගේ විවාහය සිදු වී ඇත්තේ 2013 දීයි.
















www.reader.lk