කොළඹ හදන්න එන නාමල්ගේ ගජයාගේ ඡායාරූප එලියට


කොළඹ හදන්න එන නාමල්ගේ ගජයාගේ ඡායාරූප එලියට

මෙවර මැතිවරණයට ඉදිරිපත් වන පක්‍ෂ විවිධ උපක්‍රම සහ විවිධ සැලසුම් භාවිතා කරමින් බලය ලබා ගැනීමට උත්සාහ කරන බව මේවන විට පෙනී යනවා.

එලෙස මෙවර මැතිවරණයට පොදුජන පෙරමුණ මගින් පොහොට්ටුව ලකුණින් කොළඹ මහ නගර සභාවට තරඟ වදින්න අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් පුවතක් අප වාර්තා කළා.

ඒ ජනක නිමලචන්ද්‍ර පිළිබඳවයි. ඔහු මෙවර මැතිවරණ සටන හදිසියේම ඉදිරිපත් වීම සම්බන්ධයෙන් කාගේත් අවධානය යොමු වුණා.

එමෙන්ම ඔහු පිටු පස සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙකු වන නාමල් රාජපක්‍ෂ මහතා බව ඉකුත් දින කිහිපයේ සමාජ ජාල වෙබ් අඩවී වල සඳහන් වුණා.

ඔහු දීර්ඝ කාලයක් තිස්සේ දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන යන අයෙක් බවත් මේ වන විට අපට හෙළි වී තිබෙනවා. එමෙන්ම ඔහු පවුලේ සාමාජිකයෙකු මෙන් කටයුතු කරන අයකු බවත් මේ වන විට අපට වාර්තා වී තිබෙනවා.

එමෙන්ම ජනක නිමලචන්ද්‍රව පොහොට්ටුව ලකුණින් කොළඹට ඉදිරිපත් කර ඇත්තේ නාමල් රාජපක්‍ෂ මහතා තමන්ගේ තනි කැමත්ත මතයි.

ජනක නිමලචන්ද්‍ර විදෙස් අධ්‍යාපනය හදාරා කලක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ ආධිපත්‍ය පතුරාගෙන සිටි ප්‍රබලයෙක් වීම හේතුවෙන් නාමල් රාජපක්‍ෂ මහතා විසින් ඔහුව මෙවර මැතිවරණය සඳහා යොදා ගන්නට ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.























































www.reader.lk