ශ්‍රී ලංකාව මැච් පරදින්නේ කොඩිවිනයක් නිසා - දයාසිරි විතරයි මගේ කතාව ටිකක් හරි ඇහුවේ - ගංගා මැනීයෝ


ශ්‍රී ලංකාව මැච් පරදින්නේ කොඩිවිනයක් නිසා - දයාසිරි විතරයි මගේ කතාව ටිකක් හරි ඇහුවේ - ගංගා මැනීයෝ

ගංගා මැනීයෝ හෙවත් අනාවැකි පල කරන ගංගා සුදර්ශනී සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය වල විවිධ කතාබහක් ඇති වුණා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග ජය ගත් අවස්තාවක තමන්ගේ බලයක් හේතුවෙන් එලෙස ජයගත් බව පැවසීමත් සමගයි.

පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ විවිධ රටවල් වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කොඩිවිනයක් කර ඇති බවයි.


ඇය මේ සම්බන්ධයෙන් කල ප්‍රකාශය පහතින් බලන්න.


ඔබට සමාජය ඇතුළේ විශාල කතා බහක් ඇති වෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ සිදුකරන අනාවැකිත් එක්ක. මොකක් ද මේ සම්බන්ධය?

එකපාරට නෙමෙයි. 2011 ඉඳලම කිව්වා. මගේ වෙබ් අඩවිය බැලුවොත් ඕන කෙනෙකුට දකින්න පුළුවන්. මම එදා ඉඳලා කිව්වා ලංකාවේ ක්‍රීඩාව බලාපොරොත්තු නැති විදිහට පහතට වැටෙනවා. ඒ වගේම ක්‍රීඩකයන් අතර ප්‍රශ්න ඇති වෙනවා. ක්‍රීඩාව අපහාසයට ලක්වෙනවා. ක්‍රීඩකයන්ට නින්දාවන් විඳින්න වෙනවා කියලා. මට 2011 ඉඳලම කිව්වා මෑතක ඉඳලා තමයි ඒත් අවධානය යොමු වුණේ.

එදා ඔබ කාටද කිව්වේ මේ අනතුරු?

මම මේක කිව්වා ජයන්ත ධර්මදාස මහත්තයට. මට පස්සේ කතා කරන්නම් කිව්වා. ඊට පස්සේ සංජීව රණතුංග කියලා කෙනෙක්ට කතා කරලා මම කිව්වා.

මොනවද කිව්වේ?

මම කිව්වා අපේ රට ක්‍රිකට්වලින් ඉහළට යන නිසා වෙනත් රටවලින් යම් යම් කොඩිවින වගේ දේවල් සිදුකරලා තියෙනවා කියලා අපේ ක්‍රීඩකයන්ට. ඒක මගේ විශ්ව ශක්තියට පේන බව තමයි මම ඒ කාලේ ඉඳලම කියන්න උත්සාහ කළේ. ඒත් ඒ ගැන අවධානය යොමු කළේ නෑ.


ඔබ කියන්නේ ක්‍රීඩකයන්ට අයහපතක් සිද්ධවෙන්න කියලා මොනවාහරි දෙයක් කරලා කියලද?

ඔව්. අනිවාර් යෙන්ම. හිටපු දක්ෂ ක්‍රීඩකයන් එකපාර පැකිළුණේ මේ දේවල් නිසා. එහෙම නැතුව ඒ අයගේ දක්ෂකම් අඩුවීමක් නෙමෙයි. පුහුණුවේ අඩුවීමකුත් නෙවෙයි. නොසැලිකිලිමත් බවකුත් නෙමෙයි. අර කරපු දේවල් නිසයි එහෙම වුණේ. අදටත් ඒ දේ එහෙමයි.

ඒ කියන්නේ මේක කාලාන්තරයක් තිස්සේ වෙච්ච දෙයක් ද?

2011 ඉඳලම පෙනුණා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අපලයි. පහතට හෙළනවා කියලා. තව කාරණයකුත් තියෙනවා. රටට වාසනාව ගේන්න නායකයන්ගේ වාසනාවත් බලපානවා. හිතන්න ක්‍රීඩා ඇමැතිගේ අපල තියෙනවා නම් ක්‍රීඩකයන්ගේ අපල තියෙනවා නම් ඒ දේවලුත් ක්‍රීඩාවට බලපානවා.

මේ ගැන දැනුම් දුන්න අය නම් වශයෙන් කියන්න?

මම කලින් හිටිය ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කිව්වා. හැබැයි මම කියන දේ ගැන පොඩි හරි අවධානයක් යොමු කළේ වර්තමාන ක්‍රීඩා ඇමති දයාසිරි ඇමැතිතුමා විතරයි.

දයාසිරි අමාත්‍යවරයා ඔබව හම්බවෙන්න ආවාද?

ඔව් ඉතින් ආවා. මගේ පැලවත්තේ නිවසට.

ක්‍රීඩා ඇමැතිවරයා කිව්වා මේ ක්‍රීඩකයන්ගේ බඩ වැඩියි. ෆිට්නස් අඩුයි කියලා ඔබ කියන්නේ ඒවා නෙමෙයි මේ කඩා වැටීමට ප්‍රශ්න?

නෑ... ඒවා නෙමෙයි. මට මෑතකදී දැක්කා අනුර කුමාර දිසානායක මහත්තය කියලා තිබ්බා මේ හැමෝම ගංඟා මෑණියෝ ළඟට යනවා. ඊට පස්සෙයි ක්‍රීඩකයෝ පුහුණුකරු වෙත යන්නේ කියලා. මම කියනවා මෙච්චර කල් පුහුණුකරුවෝ පුහුණු කළා නේද? එහෙමනම් දිනන්න එපැයි. මගේ ආශිර්වාදය ගත්තේ පාකිස්ථාන මැච් එකට කලින්.

www.reader.lk