ජාතික ගීය ගයද්දි තෙමි තෙමී සීරුවෙන් සිටි මුස්ලිම් කාන්තාව


ජාතික ගීය ගයද්දි වැස්සට හැමෝම හට් එක ඇතුලේ - තෙමි තෙමී සීරුවෙන් සිටි මුස්ලිම් කාන්තාව

ජාතික ගීතය සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇති වුණා. ඒ විවිධ ජාතින් නියෝජනය කරමින් ජාතික ගීතය ගයනා කල බවට සඳහන් වූ කතා හේතුවෙන්.

කෙසේ වෙතත් සිංහලෙන් ගැයෙන ජාතික ගීතයට සිංහල මිනිසුන් ඉවත්ව සිටියදී එයට ගරු කල මුස්ලිම් කතක් පිළිබද සටහනක් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වනවා.

එම සටහන පහතින් බලන්න.

" නම නොදන්නවා වුනත්, මම නුඹට ආදරෙයි ..!"


මේක උනේ ඊයේ හවස 4.10 විතර.ඊයේ කුරුණෑගල රාජකීය විද්‍යාලයේ පැවතී ගුරු පත්වීම් ප්‍රධානෝත්සවයට මගේ බිරිඳත් සුදසුකම් ලබලා තිබුන නිසා මාත් ගියා. පත්වීම් ගන්න අයට ශාලාවේ ඇතුලෙත් ගෙවල් වලින් ආපු අයට එළියේ පොඩි හට්‌ එකකුත් තිබ්බා.

උත්සවය පටන් ගන්නකොටම ඉඩ මදි නිසා මම වගේම ගොඩක් මිනිස්සු එළියේ ඉන්නකොට ජාතික ගීය වාදනය කරන්න පටන් ගත්තා.


ඔක්කොම සීරුවෙන්.එකපාරටම මහා වැස්සක් ආවා. සෙට් එකක් හෝල් එක ඇතුලට පැන්නා (මමත් එක්කම). අනිත් අය එළියේ පොඩි හට්‌ එකට පැන්නා.ආයෙමත් මම සීරුවෙන් ඉන්න හදනකොට තමයි මේක දැක්කේ.


සිංහලෙන් යන ජාතික ගීයට ඇය වැස්සේ තෙමි තෙමී සීරුවෙන් ඉන්නවා.

(ෆොටෝ එක ගත්තෙත් මම. වීඩියෝ කරේ නැත්තේ හරි මදි නිසා.අහන් නැතිව ෆොටෝ එක දැම්මට සොරි.)



www.reader.lk