තමන්ගේ පුතාට එහෙම කරනවානම් අනිත් අයට කරන එක අහන්න දෙයක් නැහැනේ



තමන්ගේ පුතාට එහෙම කරනවානම් අනිත් අයට කරන එක අහන්න දෙයක් නැහැනේ - ප්‍රවීණයෝ කුහකයි 

ජයන්ත රත්නායක ඉරාජ් එක්
 කියයි

වික්ටර් රත්නායක මහතා සම්බන්ධයෙන් පසුගිය මස කිහිපයේ දැඩි කතාබහක් ඇති වුණා. ඒ ජනප්‍රිය තරුණ සංගීතවේදී ඉරාජ් වීරරත්න කල නිර්මාණයක් හේතුවෙන්.


බොහෝ දෙනෙක් සඳහන් කර සිටියේ ඔහු කල දැනුනා ගීතය වික්ටර් රත්නායක මහතාගේ ජිවිත කතාව ලෙස නිර්මාණය කර ඇති බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් සහ විරෝධයක් එල්ල වුණා.

මේ අතර වික්ටර් රත්නායක මහතාගේ පුතෙකු වන ජයන්ත රත්නායක මහතා ඉරාජ් වීරරත්න සමග කරන කතාබහක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

එහිදී සුහදව ජයන්ත රත්නායකයන් ඉරාජ් සමග කතාබහ කරන අතර එහිදී ජයන්ත රත්නායක මහතා පවසන්නේ ප්‍රවීණ ගායකයින් කුහක සිතුවිලි ඇති පුද්ගලයින් බවයි.

ප්‍රවීණයින් ඔවුන්ගේ දරුවන්ට පවා තමන්ගේ ගීත ගයනා කිරීමට නොදෙන බවයි ඔහු සදහන් කරන්නේ.

වැඩි දුටරත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ ප්‍රවීණයින් එලෙස සිදු කරන්නේ ඔවුන්ගේ තිබෙන බිය හේතුවෙන් බවයි.

මේ අතර ටික කලකට පෙර වික්ටර් රත්නායක මහතා, ජයන්ත රත්නායක මහතාට සහ ලෙලුම් රත්නායක මහතා හට තමන්ගේ ගීත ගායනා කිරීමට නිතියන් තහනම් කර ඇති බවටද විවිධ වෙබ් අඩවි වාර්තා කර තිබුණා.



www.reader.lk