චූටි මැණිකේ දෙවෙනි ඉනිමට ආපු හැටි


චූටි මැණිකේ දෙවෙනි ඉනිමට ආපු හැටි
"රංගනය ගැන වැඩියෙන්ම කියලා දෙන්නේ මයික්"

දෙරණ ටීවී නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය මේ වන විට ජනප්‍රියම ටෙලිනාට්‍යක් වී තිබෙනවා.


එම ටෙලිනාට්‍ය සඳහා අලුතින් එකතු වූ "චූටි මැණිකේ" චරිතය සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි වල බොහෝ ලෙස කතාබහක් ඇති වුණා.

චූටි මැණිකේ චරිතයට පන පොවන ශලනි මෙම ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වීම සම්බන්ධයෙන් පුවත් පත් වෙබ් අඩවියකට අදහස් දක්වා තිබෙනවා.

එහිදී ඇය පවසා ඇත්තේ 2017 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරඟය හරහා මෙම චරිතය ලැබුණු බවයි.


නිළියක වීමටද තමන් කිසිදු බලපොරෝතුවක් නොතිබුණු බවත් ඇය පවසනවා. ලබන වසරේ ඇය උසස්පෙළ විභාගයට පෙනී සිටින බවද වැඩි දුරටත් සඳහන්.


එමෙන්ම මෙය ඇයගේ ප්‍රථම රංගනය බවද රංගනය සඳහා උපදෙස් දෙනුවන් සේනාධිර ( මයික් ) ලබා දෙන බවද ඇය එහිදී පවසා තිබෙනවා.







www.reader.lk