ලෝක වාර්තා තැබූ බුද්ධිකට වුණු හදිසි අනතුර



ලෝක වාර්තා තැබූ බුද්ධිකට වුණු හදිසි අනතුර


නළුවෙකු මෙන්ම ලෝක වාර්තා කිහිපයක්ම තැබූ බුද්ධික රඹුක්වැල්ල හදිසි අනතුරකට ලක්ව ඇති බවට වාර්තා වුණා.

ඒ ඔහු පහුගිය දිනක තම වාහනය පදවමින් සිටින අතර තුරදියි. ඔහු මේ සම්බන්ධයෙන් පුවත් පතකට දැක් වූ අදහස් පහතින් බලන්න.


බුද්ධික මොකක්ද මේ සිදු වූ අනතුර?


පහුගිය 30 වැනිදා හවස 7ට විතර කළුතර රොබට් පාරේ ගමන් කරමින් ඉන්න අතරේ එකපාරටම මගේ වාහනය ගිනි ගත්තා. මම වාහනෙන් පැනලා ජීවිතය ගලවාගත්තා. ඒත් වාහනයට නම් අලාබ හානි වුණා.


වාහනය ගිනි ගන්නා තුරුම බුද්ධිකට දැනුනේ නැද්ද?


මම වාහනය පදවාගෙන යද්දී මට දැනුනා වයර් එකක් පිච්චෙනවා වගේ ගඳක්. ඒත් මම ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ එක පාරටම වාහනය දුමින් පිරුනා. ඒ දුම කාබන් මොනොක්සයිඩ් වායුව.


ඒකට සිහි නැතුව ගියොත් වාහනය ගිනි ගත්තත් ඇතුළෙම දැවිලා යන්න වෙන බව මට තේරුනා. මම හුස්ම ගන්න එක නවත්තලා හුස්ම තද කරගෙන වාහනේ පාර අයිනේ නවතලා දොර ඇරගෙන පනින්න හැදුවා. කලබ‍ලේට දොර අරින්න බැහැ. කොහොම හරි දොර ඇරගෙන එළියට පනිනකොටම වාහනේ ගිනි ගත්තා.


ඊට පස්සේ?


වටාපිටාවේ අය ඇවිත් ගින්න නිවා දැමුවා. වාහනයට නම් ඩැමේජ්. එදා මට උදව් කළ ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ. වගේම කොහුවල ‍පොලීසියේ ස්ථානාධිපති රංජිත් මහතා, ඒ.එස්.පී., සමන් ජයසේකර, රන්සිළු මෝටර්ස්හි තුෂාර, සුදත් ඔටෝ ඉම්පෙක්ට්හි සුදත් යන අයවත් ආදරයෙන් මතක් කරනවා.


අනතුරට හේතුව මොකක්ද?


තවම හොයාගෙන යනවා. කාර්මික දෝෂයක් වෙන්න ඇති. එදා වැසි දවසක්නේ.


ඇස් ඉදිරිපිටම වාහනේ ගිනි වැදිලා ගියාම දරාගන්න බැරි දුකක් දැනෙන්න ඇති?


මම මේ කියන දේ ඇත්ත බව මගේ බිරිඳ දන්නවා. වාහන පැදලා ලෝක වාර්තා තබපු මගේ මරණය වාහනය තුළදී වනවා නම් මම කැමතියි කියලා මම මගෙ බිරිඳට කාලෙකට ඉස්සර කියලා තිබුණා.


අද ගොඩක් අය ජීවත් වෙන්නේ නොමැරෙන අය වගේ. මරණය ගැන හිතල ජීවත් වුණොත් මේ වගේ ඕනම දෙයක් විඳ දරාගන්න පුළුවනි.


www.reader.lk