වෙබ් අඩවියක් නිසා 9ක් හදිසියේ මිය යයි


වෙබ් අඩවියක් නිසා 9ක් හදිසියේ මිය යයි

වෙබ් පිටුවක් හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු මිය ගිය බවට පුවතක් වාර්තා වනවා.

ඒ එම වෙබ් පිටුවේ අන්තර්ගත වූ ප්‍රකාශ කිහිපයක් හේතුවෙන්.

වයස අවුරුදු 15ත් 20ත් අතර පාසල් සිසුන් තිදෙනෙකුද මෙලෙස මිය ගොස් ඇති බවට වාර්තා වල සදහන්.

මේ සිදුවීම ජපානයේ සිදු වී ඇති අතර සිය දිවි නසාගැනීම්වලට පොළඹවන වර්ගයේ අදහස් ඇතුළත් අන්තර්ජාල සේවා තහනම් කිරීමට ජපාන රජය තීරණය කර තිබෙනවා.

මියගිය සියලු දෙනා ඔවුනොවුන්ගේ මානසික ගැටළුවලට විසඳුම් සෙවීමට අදාළ වෙබ් පිටුව ඔස්සේ සම්බන්ධ කරගත් පුද්ගලයෙකු වෙත ගොස් ඇති අතර එහිදී අදාළ පුද්ගලයා විසින් පැමිණි පුද්ගලයින් ඝාතනය කර තිබෙනවා.

www.reader.lk