පාසල් පෙම්වතියගේ වැඩිවියට පත් වීමේ කතාව බොරුවක්


පාසල් පෙම්වතියගේ වැඩිවියට පත් වීමේ කතාව බොරුවක් - නංගිගේ ඡායාරූප දැමු තරුණයා ප්‍රථමවරට කතා කරයි

පෙම්වතෙකු තම පාසල් පෙම්වතියගේ වැඩිවියට පත්වීම සම්බන්ධයෙන් දැමු බව කියන පුවතක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ වන විට හුවමාරු වනවා.


එම පුවත අසත්‍යක් බව එහි සිටින තරුණයා අප වෙත පැවසුවා. ඔහු පවසන්නේ මෙය ඔහුගේ නැගණිය සමග ගත් ඡායාරූප පෙළක් මෙලෙස අසත්‍ය පුවත් මවමින් හුවමාරු කරන බවයි.


එමෙන්ම මෙම තත්වය හේතුවෙන් ඔහුගේ නැගණිය දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද ඔහු අප සමග පැවසුවා.

මෙලස අන්තර්ජාලයේ නිර්මාණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් reader.lk අප මිට පෙරද වාර්තා කළා.


ඔබේ පුද්ගලික ඡායාරූප සමාජ වෙබ් අඩවි ඔස්සේ යම් අයෙකු භාවිතා කරනවානම් ඒ සඳහා පියවර ගන්නා අකාරය පිළිබද වීඩියෝ පටයක් පහතින් බලන්න.


www.reader.lk