ගාල්ල ඇලෝසියස් විදුහල්පතිගේ ස්ථාන මාරුව යට අදිසි හස්තයක්


ගාල්ල ඇලෝසියස් විදුහල්පතිගේ ස්ථාන මාරුව යට අදිසි හස්තයක්

ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ විදුහල්පති රංජිත් තිලකරත්නට වහාම කි‍්‍රයාත්මක වන පරිදි වෙනත් පාසලකට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. ගාල්ල දිස්ති‍්‍රක්කයේ නාගොඩ රාජකීය විද්‍යාලයේ උප විදුහල්පති ලෙස ඔහු මාරුකර ඇති බවයි වාර්තා වන්නේ.

වසර 4ක් පුරා විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔහු කළ සේවය අගයමින් දේශපාලන පළිගැනීමක් ලෙස මෙම ස්ථාන මාරුව ලබාදී ඇති බවටද වාර්තා පළ වනවා. ඊට විරෝධය පා ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ දෙමාපියන් ඉකුත්දා විරෝධතාවකද නිරත වුණා.

ගාල්ල ඇලෝසියස් විදුහලේ විදුහල්පතිවරයාට මෙලෙස හදිසි ස්ථාන මාරුවක් ලබාදීමට හේතුව හිටපු ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරින් කිහිපදෙනෙකු බවද වාර්තා වනවා. මොවුන්ගෙන් අයෙකු ගාල්ල දිස්ති‍්‍රක්කයේ මන්තී‍්‍රවරයෙකුගේ සම්බන්ධීකරණ නිලධාරියෙකුු බවයි පැවසෙන්නේ. සිය දරුවා පාසල් කි‍්‍රකට් කණ්ාඩයමට ඇතුළත් කර ගැනීමට උත්සහ දැරූ ආදි ශිෂ්‍යයෙකුද එ් අතර සිටිනවා.

හිටපු ආදි ශිෂ්‍ය සංගම් මෙලෙස විදුහල්පතිවරයාට එරෙහි වීමට හේතුවී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අලූත්ම චක‍්‍රලේඛය අනුව පාසල්වල පළමු ශේ‍්‍රණියට සිසුන් බදවා ගැනීමේදී සභාපතිවරයා විදුහල්පතිවරයා නොවන කිසිදු ආදි ශිෂ්‍ය සංගමයක නිලධාරීන් සම්මුඛ පරික්ෂණ මණ්ඩලයට සහභාගි කර නොගැනීම බවද වාර්තා වනවා.

නව චක‍්‍රලේඛය අනුව කටයුතු කරමින් විදුහල්පතිවරයා ඔහු සභාපතිත්වය දරන නව ආදි ශිෂ්‍ය සංගමයක් බිහි කර ඇති අතර විදුහල සමග ගනුදෙනු කරමින් සිටි ආදි සිසුන් මේ සමග විකල්ප ආදි ශිෂ්‍ය සංලගමයක් ලෙස කටයුතු කරමින් සිටී.

හිටපු ආදි ශිෂ්‍ය සංගම් නිලධාරීන්ගේම නිර්දේශ හා ඉල්ලීම් මත ඉහළ ශ්‍රේණිවලට වෙනත් විදුහලකින් ගත් කී‍්‍රඩකයන් දෙදෙනෙකු ඇතුළත් කළ ආකාරය පිළිබඳව ඔවුන් යවන ලද පෙත්සමක් හේතුවෙන් හා අදාළ හිටපු නිලධාරීන් සමග ඇති මිත‍්‍රත්වය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා පරීක්ෂණයක් පවත්වා මෙම තිරණය ගෙන ඇතැයි දෙමාපියන් චෝදනා කරනවා.

විදුහල සංවර්ධනය වෙනුවෙන් විශාල සේවයක් කළ රංජිත් තිලකරත්න මහතා යළි ඇලෝසියස් විදුහලටම ලබාදෙන මෙන් දෙමාපියන් ඉල්ලා සිටිනවා.


www.reader.lk