මම ගයාත්‍රීට ගේම දුන්නේ නෑ - දිනන්‍යා පිරීස්


මම ගයාත්‍රීට ගේම දුන්නේ නෑ - දිනන්‍යා පිරීස්


ක්ෂේත්‍රයේ සිටිනා තවත් ශිල්පිණියක් සමග ඇති වූ මත ගැටුමක් හේතුවෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිණි දිනන්‍යා පිරීස් සම්බන්ධයෙන් පසුගිය කාලයේ කතාබහක් ඇති වුණා.

මේ සම්බන්ධයෙන් දිනන්‍යා පුවත් පතක් වෙත අදහස් දක්වමින් ඒ පිලිබඳ විස්තර කර තිබෙනවා. එම සංවාදය පහතින් බලන්න.



දිනන්‍යාගේ මූණ අපි මුලින්ම දැක්කේ සෝෂල් මිඩීයා වලින්නේ ?


ඒ දැන්නෙ. මම මුලින්ම නිරූපණයට එද්දි රෝසෑන් අක්කා, වාසනා අක්කා ටොප් මොඩ්ල්ස්ලා, මමත් දිගටම ඒ ක්ෂේත්‍රයෙ හිටිය නම් තැනක් එන්න තිබුණා.



ඉතින් තැන හදාගෙන ඉස්සරහට යන්න තිබුණනෙ?


මට ඕනෑ වුණේ ඉගෙන ගන්න, පස්සේ මම බැංගලෝර්, ඩුබායිවල ෆැෂන් වැඩ කළා. ෆැෂන් ඩිසයින් ඉගෙන ගත්තා.


ටොප් මොඩ්ල් කියන ටයිට්ල් එක ගන්න තිබුණ ටාගට් එක නැති වුණා?


මම දැන් ෆැෂන් ඩිග්‍රි එක ගන්න වැඩ කරනවා.


හැබැයි දිනන්‍යා කරළියට එන්නෙ ගයත්‍රි ඩයස්ට ගේම දුන්න කෙනෙක් විදිහට නේද?


අනේ නෑ මම ගයත්‍රිට ගේම දුන්නෙ නෑ මට එයා හින්දා දෙයක් වුණා. එක මම මගේ ෆේස්බුක් දැම්මා හැමෝම මාව දන්නවා එයා ලැජ්ජාවට කට වහන් ඉන්නවා


ඔයා ඒ කරපු දේ ගොඩාක් අය දැක්කා?


වෙන්නැති එත් මට වෙච්ච දේ හැමෝම දැක්කෙ නෑ ගොසිප් සයිට්වලත් ගියේ ඒ ටික විතරයි. අනෙක් පැත්තෙන් මගේ හඬ ගොළු කරල තිබුණා.


ඊට පස්සේ රිලීස් වෙච්ච ගයත්‍රිගෙ නමින් පැතිරුණ සංස්කරණය කළ ෆොටෝ ටිකත් කාගේ වැඩක්ද?


මමත් ගැහැනියක් මම කවදාවත් එහෙම කරන්නෙ නෑ මේකට තම පාර්ශවයක් සම්බන්ධ ඇති මට දෙයක් වුණා එච්චරයි කාලෙකට කලින් නුගේගොඩ පාලම උඩ රණ්ඩු වුණු දෙන්නත් ඔය සෙල්ෆි දාන්නේ


දිනන්‍යා ආපහු වැඩ කරන්නෙ නැද්ද?


දැනට මියුසික් වීඩියෝවල රඟපානවා එත් මම ඉගෙනගෙන තියෙන්නෙ මාකටින්


ගොඩාක් අය හිතන්නෙ ක්ෂේත්‍රයට එන්න නම් සුදු වෙන්නම ඕනෑ කියලා?


ඒ කතාවෙ දෙපැත්තක් තියෙනවා. හමේ පාටට ගොඩක් දේවල් කරන්න පුළුවන්


නිරූපණ ශිල්පිනියන් ඉදිරිපත් වෙන පැජන්ට් තරඟ ගැන මොකද කියන්න තියෙන්නේ?


දැන් තියෙන හැම පැජන්ට් එකකම කිරූළ ලැබෙන්නේ සල්ලිවලට ඒක නෑ කියනව නම් මම අභියෝග කරනවා අනෙක් කාරණය ඔය තරගවලට ගිහින් දිනන නිළියො පවුල කැඩුණු කතාව හංගනවා. දැන් ඉන්න නිලියො පැකේජ් පිටින් විකිණෙනවා.


දිනන්‍යාට නිළියක් වෙන්න ඕනෑ නැද්ද?


මම ස්ක්‍රීන් ටෙස්ට්වලට ගියා. කවුරු හරි මාව ඒවයින් කපලා දාලා.


ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් ගොඩ යන්න බැර්වද ඔහොම චෝදනා කරන්නෙ?


අනේ නෑ දැන් ක්ෂේත්‍රයේ ඉන්න නළුවො මගෙ හොඳම යාළුවො. එත් මම කාගෙන්වත් ප්‍රයෝජන ගන්නේ නෑ


ආදරේ හින්දා ආපහු පැටලිලි දාගනීද?


මම දැන්ම ආපහු ආදරය කරන්නෙ නැතිවෙයි දැනට අවුරුදු හතක්ම නිර්මාංසිකයි










www.reader.lk