ප‍්‍රධාන පුහුණුරුවන් 4ක් රණතුංගලා එපා කියයි


ප‍්‍රධාන පුහුණුරුවන් 4ක් රණතුංගලා එපා කියයි

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ මීළග ප‍්‍රධාන පුහුණුකරුවා කවුද ? මෙය කී‍්‍රඩාවට ලැදි සැමගේ දැන් කකාබහට ලක්ව ඇති මාතෘකාවක්. පන්දු රැුකීම් පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම සමග එක් වූ නික් පෝතස් මේ වන විට ශී‍්‍ර ලංකා පිලේ තාවකාලික ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටිනවා.

ඔහු මේ වන විට සිම්බාබ්වේ , ඉන්දියා සහ පාකිස්තානය සමග පැවති තරගාවලිවලි වලදී ශී‍්‍ර ලංකා පිලේ තාවකාලික ප‍්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළා.

එළැඹෙන ඉන්දීය සංචාරයේත් ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ නික්පෝතස්. කලක් බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුණ පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර එළැඹෙන 2019 ලෝක කුසලාන තරගාවලිය තෙක් ශී‍්‍ර ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කළ බව කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල ඊයේ ප‍්‍රකාශ කළා.


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම සදහා මේ වන විට ටෙස්ට් කණ්ඩායම් රැුසක පුහුණුකරු ධුර හොබවන සුවිශේෂී පුද්ගලයින් කිහිපදෙනෙකු ශී‍්‍ර ලංකා පිලේ පුහුණුකරු ධුරය භාර ගැනීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වනවා.

කෙසේ කොන්දේසි සහිත ගිවිසුමකට එළැඹෙන්නේ නම් පමණක් ඔවුන් එම ධුරයට භාර ගැනීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන්ගේ ප‍්‍රධානතම කොන්දේසියක් වී ඇත්තේ රණතුංග පාර්ශ්වය කි‍්‍රකට් පරිපාලනයට පැමිණියහොත් තමන් එම ධුරයෙන් ඉවත් වන බවයි.

තිලංග සුමතිපාල ප‍්‍රමුඛ වත්මන් කි‍්‍රකට් පරිපාලනය සමග තමන් කටයුතු කැමැති බවත්, යම් හෙයකින් වත්මන් පරිපාලනයට රණතුංග පාර්ශ්වය පැමිණියහොත් තමන්ට එම ධුරවලින් ඉවත්වීමට ඉඩ සලසා දෙන කොන්දේසියක් ඇතුළත් කරන ලෙසයි මෙම පුහුණුරුවන් පිරිස වත්මන් කි‍්‍රකට් පරිපාලනයෙන් ඉල්ලා ඇත්තේ.

මෙම කොන්දේසිය ඉදිරිපත් කළ පුහුණුකරුවනු අතර පෝල් ෆ‍්‍රාබේස්, චන්දික හතුරුසිංහ , ජෙෆ් මාෂ් සහ අනිල් කුම්බ්ලේද සිටින බවයි වාර්තා වන්නේ.

නිශාන්ත රණතුංග කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන ලේකම්වරයාව සිටි සමයේ පෝල් ෆ‍්‍රාබේස්, ජෙෆ් මාෂ් සහ චන්දික හතුරුසිංහ පුහුණුකරු ධුර හොබවනු ලැබුවා.

එම පරිපාලනය සසහ මෙම පුහුණුකරුවන් අතර ගැටුම්කාරී තත්වයන් මතු බවට ඇතැම් මාධ්‍ය වාර්තාද පළ වුණා. මේ හේතුවෙන් මෙම පුහුණුකරුවන් හදිසියේම එම ධුරවලින් ඉවත් වූයේ එවකට රණතුංග පරිපාලනය පුහුණුකරුවන්ට එල්ල කළ දැඩි බලපෑම් හේතුවෙන්.

2014 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගන්නා අවස්ථාවේ ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ පෝල් ෆ‍්‍රාබේස් හදිසියේ එම ධුරයෙන් වීම පිළිබඳවද එම කාලයේදී දැඩි කතා බහට ලක් වුණා. අතීත තත්වයන් සැලකිල්ලට ගනිමින්, මෙම පුහුණුකරුවන් මෙම කොන්දේසිය වත්මන් කි‍්‍රකට් පරිපාලනයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.




ඔවුන් එක හෙලාම පවසා ඇත්තේ රණංතුංග පාර්ශ්වය යළි කි‍්‍රකට් පරිපාලනයට පැමිණියහොත් තමන් කිසිදු තනතුරක් භාර නොගන්නා බවයි.

www.reader.lk