ඔව්. චිත්‍රපටය පුරා ලිංගික ජවනිකා 14ක් තිබෙනවා


ඔව්. චිත්‍රපටය පුරා ලිංගික ජවනිකා 14ක් තිබෙනවා, රගපාන්න ලක්ෂ විස්සක් ඉල්ලුවා - අනෝමා ජනාදරී
ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිණියක් වන අනොමා ජනාදරී සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇති කල රංගන ශිල්පිණියක්.

ඒ විවිධ ඡායාරූප සහ විවිධ ප්‍රකශය කිහිපයක් හේතුවෙන්. අනොමා ජනාදරී රංගන ශිල්පිණිය පුවත්පතක් සමග කල කතාබහක් පහතින් බලන්න.


Asian world Film Festival හිදී පිරිනැමෙන සම්මානය ලබාගත්තේ ඔබ නොවෙයි අධ්‍යක්ෂවරයායි. ඇයි ඔබ සම්මානය පිළිගන්න නොගියේ?




සංජීව දැනටමත් සිනමා උළෙල 13කට මේ චිත්‍රපටය රැගෙන ගොස් තිබෙනවා. නමුත් ඒ කිසිදු අවස්ථාවක ප්‍රධාන චරිතය රඟපෑ මට මේ කියපු එකම සම්මාන උළෙලකටවත් ඇරයුම් කළේ නැහැ. ඒ වෙනුවට සුළු චරිත රඟපාන ආධුනික නළු නිළියන්ව තමයි ඒවාට සහභාගි කරවාගත්තේ. ඒ විතරක් ‍නෙවෙයි තරග වදින ඉසව්වලදී තිර නාටකය සහ අධ්‍යක්ෂවරයා යන




ඉසව්වලට පමණක් චිත්‍රපටය යොමු කරවනවා. “ඉගිල්ලෙන මාළුවෝ” චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන ගයේෂා පෙරේරාත් එම ඉසව්වලදී රඟපෑම් අංශ ඇතුළත් නොකරන බවට මේ අධ්‍යක්ෂවරයාට මීට කලිින් බරපතළ චෝදනා එල්ල කළා.




නමුත් ඔබට මෙවර ඔබේ රඟපෑම වෙනුවෙන් සම්මානයක් හිමි වෙනවා?




ඔව්. Asian world Film Festival ජූරිය මගේ රඟපෑම ඒකමතිකව අගය කිරීමට ලක් කළ නිසා මට ඒ සම්මානය ලැබුණා. සම්මානය ගන්න ගිය පුද්ගලයාට අඩුම තරමේ සහතිකයක්වත් නොතිබියදී තමයි ඔහු මට හිමි සම්මානය ගන්න තනිවම ගියේ්.




සම්මානය ලබාගත් පසු අධ්‍යක්ෂවරයා ඔබට කතා කළාද?




මට මේක කියන්නත් ලැජ්ජයි. මේ වෙන තුරු ඔහු ඒ ගැන මට කතා කරලා නැහැ. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඔහුගේ නිසා චරිතයත්, එය රඟපාන නිළියත් ඊට ලැබුණු සම්මානයත් ඔහුගේ කියලා ඔහු හිතනවා ඇති.




ඔබ බොහෝ විට ආන්දෝලනාත්මක චරිතවලට පණ ‍පොවන නිළියක ලෙසයි ප්‍රකටව සිටින්නේ. සම්මානයට පාත්‍ර වූ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ ඔබේ චරිතයත් එවැනි එකක්ද?




ඇත්තෙන්ම ඔව්. කුසුම් නමැති එම චරිතය සමස්ත චිත්‍රපට වෘත්තාන්තය පුරාම ඇගේ මානයෙන් රූප කථනය වෙනවා. 1989 භීෂණය සමයේදී සිය සැමියා පැහැරගෙන ගොස් මරා පුළුස්සා දැමීමෙන් පසුව කුසුම් තමන්ගේ දරුවන් අට දෙනා සහ නැන්දනියත් සමග ජීවන අරගලයට මුහුණ දෙන ආකාරය තමයි චිත්‍රපටයෙන් කියැවෙන්නේ.




නිරුවත් දර්ශන ඇතුළත් වීම හේතුවෙන් ඔබ රඟපෑ ඇතැම් චරිත මීට පෙර විශාල වශයෙන් කතා බහට ලක් වූ අවස්ථා තිබෙනවා. මෙම චිත්‍රපටයේදිත් ඔබට එවැනි දර්ශනවලට පෙනී සිටින්නට සිදුවුණාද?




ඔව්. චිත්‍රපටය පුරා ලිංගික ජවනිකා 14ක් තිබෙනවා. කුසුම් තමන්ගේ දරුවන් ජීවත් කරවීමට දරන අරගලයේදී ඇයට අවසානයේ ගණිකා වෘත්තිය තමයි තෝරා ගැනීමට සිදුවන්නේ. ඒ නිසා මට එවැනි දර්ශනවලට පෙනී ඉන්න සිදුවුණා.




සංජීව පුෂ්පකුමාර මීට පෙර අධ්‍යක්ෂණය කළ “ඉගිල්ලෙන මාළුවෝ” චිත්‍රපටය තහනමට පවා ලක් වුණා. එසේ තිබියදී ඇයි ඔබ ඔහුගේ නිර්මාණයකට නොබියව සම්බන්ධ වුණේ?




ඒ චිත්‍රපටය තහනම් කළ අවස්ථාවේදී එහි රඟපෑ නළු නිළියන් බහුතරය පරීක්ෂණ සඳහා කැඳවූවා. ඔය කියන සිදුවීමේදී තමන්ගේ ශිල්පීන් අනතුරට වැටී සිටියදී මගහැර යාම නිසා තමයි අධ්‍යක්ෂවරයා අපකීර්තියට පත් වුණේ. “දැවෙන විහඟුන්” චිත්‍රපටය ඊට සපුරා වෙනස් තේමාවක් රැගත් එකක් වීම සහ එය මගේ සමාජ දැක්මට ගැළපෙන එකක් වීම නිසයි මම සංජීවගේ ආරාධනාව බාරගත්තේ.




මීට පෙර දායක වූ ඇතැම් නිර්මාණවලදී ඔබට, ඔබ රඟපෑ චරිතයේ වටිනාකමට සරිලන ගෙවීමක් නොලැබුණු බවට ඔබ මීට පෙර චෝදනා නගා තිබෙනවා. මේ චිත්‍රපටයේදී ඔබට එවැනි ගැටලුවලට මුහුණ දෙන්න සිදුවුණේ නැද්ද?




මේ චිත්‍රපටයේදිත් මට එවැනි ගැටලු මතු වුණා. මගේ චරිතය සඳහා රුපියල් දෙලක්ෂ විසි පන්දාහක් දෙනවා කියලයි අධ්‍යක්ෂවරයා කිව්වේ. නමුත් මම ඒ සඳහා රුපියල් මිලියන දෙකක් ඉල්ලුවා. ඔහු ඊට මුලින් එකඟ වුණත් චිත්‍රපටයට ගිවිසුම් අත්සන් කරන විට මගේ ගෙවීම විදිහට තිබුණේ ලක්ෂ පහළොවයි. ඉතුරු මුදල ඔහුගේ අතින් හරි දෙනවා කියලා සංජීව කිව්වා. චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ගෙවන ‍පොරොන්දුව මත රඟ පෑ නිසා මට තවමත් ඒ මුදලින් 1/4ක්වත් ලැබිලා නැහැ.




www.reader.lk