තරුණයන් දෙදෙනෙක්ට හසුවූ 13 හැවිරිදි දැරියගේ කතාව


ඉක්මනට බන්දලා දෙන්නේ නැහැ කියලා ගෙදරින් පැනලා ගහින් - තරුණයන් දෙදෙනෙක්ට හසුවූ 13 හැවිරිදි දැරියගේ කතාව


තමාට ඉක්මනින් විවාහයක් නොකර දීම හේතුවෙන් නිවසින් පැනගිය 13 හැවිරිදි දරුවෙක් පිළිබඳ පුවතක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඉක්මනින් විවාහයක් කර දෙන ලෙසට දැරිය පියාට බලකර තිබෙනවා. කෙසේ වෙතත් ඇය මේ වන විට කොළඹ ප්‍රදේශයේ හුදකලාව සිටියදි හමුව ඇති අතර ඇය ගැලවීමේ හමුදාවට භාර දී තිබෙනවා.

ඇය කුඩාකල සිටම පිරිමි ඇසුරට රුචිකත්වයක් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඇය මිට පෙර තරුණයන් දෙදෙනකු සමග පලා ගොස් ඇති අතර එහිදී තරුණයන් දෙදෙනාටද බලවයස්කාර දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයේ නඩු විභාග වෙමින් ද පවතිනවා.

මේ වන විට අනාවරණය වී ඇත්තේ එම දැරියව අධිකරණය මගින් පරිවාස ගත කළත් ඇය පරිවාස නිවාසවලින් ද පලාගොස් ඇති බබවයි.


පසුව ඇගේ භාරකාරත්වය දෙමාපියන් ට පැවරී ඇති අතර ඇය යළිත් වරක් නිවසේ තාප්පයට ඉනිමගක් තබා පැන පලාගොස් ඇත්තේ පසුවයි.

මෙම සිදුවීම් හේතුවෙන් ඇගේ ඉගෙනීමද කඩාකප්පල් වී තිබෙනවා.

www.reader.lk