ඇමරිකානු ප්‍රහාරක නැව් 6 කොළඹ වරායට ආපු හේතුව මෙන්න
ඇමරිකානු ප්‍රහාරක නෞකා හයක් ඊයේ (27 ) කොළඹ වරායට පැමිණි ඇති බවට වාර්තා වනවා.
ඒ ගුවන් යානා 25 ට අධික සංඛ්‍යාවකින් සමන්විත නෞකාවක් සමගයි. මෙම නැව් ලබන අඟහරුවාදා (31 දා) දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන බව ද වාර්තා වී තිබෙනවා.
මෙමගින් දෙරට අතර පැවැති CARAඔ නමැති නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කිරීම සංකේතවත් කරන බව ද තානාපති කාර්යාලය සදහන් කරනවා.
මෙම නැව්වල නාවිකයන් මෙරට රැඳී සිටින කාලයේදී රෝහල්, පාසල්, අනාථ නිවාසවල ප්‍රජා සේවයේ නිරත වන බව ද සදහන්.
ගුවන් යානා සහිත ඇමරිකානු නැවක් අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මීට වසර 32 කට පෙරයි.