තරග පරදින හේතු නායක උපුල් තරංග කියයි




තරග පරදින හේතු නායක උපුල් තරංග කියයි

එක්දින තරග දිගින් දිගටම පරාජයට පත්වීම සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් ඇති වුණා.


ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග එක්දින තරග දිගින් දිගටම පරාජයට පත්වීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වා තිබෙනවා. ඔහු පවසන්නේ එයට හේතු කිහිපයක් පවතින බවයි.

"අවසන් වසර දෙක අපි හොඳින් ක්‍රීඩා කළේ නැහැ. ක්‍රීඩකයන් හැටියට ඒක අපිට ලොකු අඩුපාඩුවක්. එක තරගයක් හොඳින් ක්‍රීඩා කරනවා..ඊට පස්සේ අපිට ආයේ ඒ කරන දේවල් ටික අමතක වෙනවා. ඒ වගේම ක්‍රීඩකයන්ට ගොඩක් දේවල් වෙනස් වුණා..ක්‍රීඩකයන් මාරු වුණා.. ආබාධ ඇති වුණා..මේවත් බලපෑවා."

"දිනේෂ් චන්දිමාල් අංක 03ට ක්‍රීඩා කළේ ඔහු ටෙස්ට් තරගාවලියේ හොඳින් ක්‍රීඩා කරපු නිසයි. කුසල් මෙන්ඩිස් ලකුණු අතර හිටියේ නැහැ. අවාසනාවකට අපේ ඒ උපක්‍රමය සාර්ථක වුණේ නැහැ. කොහොම වුණත් අපි උපරිම උත්සහ කරන්නේ පිතිකරුවෙකුට එක ස්ථානයක් ලබා දෙන්න.. නැතිනම් ඔහුටත් සාර්ථක වෙන්න අමාරුයි."

www.reader.lk