ඇත්තටම මා නලුවෙකු නොවේ - සිදූ ටෙලි නාට්‍යයේ රේජී ගෙන් පිළිතුරු


ඇත්තටම මා නලුවෙකු නොවේ - සිදූ ටෙලි නාට්‍යයේ රේජී ගෙන් පිළිතුරු


දෙරණ නාළිකාවේ විකාශය වන සිදූ ටෙලි නාට්‍යයේ ''රේජී'' චරිතයට පණපොවන නළුවා විසින් සිදු කළ බවට කියන සිද්ධියක් පිළිබද අන්තර්ජාලයේ කතාබහක් ඇති වුණා.

ඒ තමාගේ මෝටර් රථය අනතුරට පත් කර තර්ජනය කිරීමක් සම්බන්ධයෙන්.

සිද්ධිය සිදු වුවායැයි පැවසෙන පුද්ගලයා විසින් සදහන් කරන්නේ තාමාට තර්ජනය කර ඔහුගේ වහනය යට කිරීමට උත්සහා දැරූ බවයි.

ඒ සම්බන්ධයෙන් අප මිට පෙර වාර්තා කළ අතර එම සිද්ධිය කළ යැයි පැවසෙන රංගන ශිල්පියා තම ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබෙනවා.


" අද දින සමාජ වෙබ් අඩවි වල මාහට විරුද්දව ගෙනයන මඩ ප්‍රචාරය පිලිබද කරුනු පැහැදිලි කිරිමකි

මෙය නිදහසට කරුනු කීමක් නොවේ මෙය පලකල පුද්ගලයා පවසන පලමු කරුන සත්‍ය කි..ඔහු පවසන්නෙ මා නලුවෙකු නොවන බවය ඇත්තටම මා නලුවෙකු නොවේ මා ටෙලි නාට්‍ය 10- 15 පමන රග පා ඇති හැබයි මා නලුවෙකු වෙන්නඋත්සහ කරන රංගන ශිල්පියකි..

එමෙන්ම වෙිදිකා නාට්‍ය කිහපයක් රචනා කර අධ්‍යාපනය කල නාට්‍ය කරුවෙකි ටෙලි නාට්‍ය කිහපයක් රචනා කල රචකයෙකි..එමෙන්ම වර්තමානයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන නිලධාරියෙකි මා මෙය සටහන් කරන්නේ මාටග් සහෘදයින් ට දැනගැනිමට විනා නිදහසට කරුනු කීමට නොවේ..රසික රසිකාවන්ට කියා ලිවිමට මට බැරි රසික රසිකාවියන් ඉන්නේ නලුවන්ට බැවිනි මට සිටිනුයේ මිතුරු මිතරියන් පමනි.


දෙවැනි කරැන මෙම ප්‍රචාරය ගෙන යන පුද්ගලයා සදහන් කරන ආකාරයට මා ඔහුගේ වාහනය බරපතළ ලෙස අනතුරට ලක් කොට පලා ගොස් ඇත..ඔහු විසින්ම පලකල ජයාරූප වලින් පෙනියනවා ඇත වාහන දෙක යාන්තමට ගෑවි ඇති තැනම නවතා මා ඒ තුලින් බැස එන බව ඒ හෙයින් මා වාහනය හප්පා පලා ගිය බව අසත්‍යකි.


තුන්වන කරුන නම් ඔහු 119 අමතා පොලිස් නිලධාරින් කැදවු බවය..එසේ සිදුවූයේ නැත එම අවස්තාවේ එම මංසන්දියේ රාජකාරි කල පොලිස් නිලධාරි මහතා එම අවස්තාවේ දීම එතනට පැමිනියේය..එම පොලිස් නිලධාරි මහතා එයට ශාක්ෂා දරැනු ඇත..ඔහු එයින් කරනුයේ රාජකාරි කල නිලධාරි මහතාගේ රාජකාරි විවේචනයකි.


අනිත් කාරනය මා ප්‍රමාද වී පොලිසියට පැමිනි බවට කරන චෝදනාවයයි එය සත්‍යකි.. එදින 9.35 ට මා විසින් ලියන ලද අලුත්ම ටෙලිනාට්‍ය මුහුරත්උලලේ අවස්ථාව ට සහබාගි වීමට ඇති හෙයින් පොලිස් නිලධාරි මහතාටද පවසා අවසරය ඇතු ප්‍රමාද විය..එයටද පොලිස් නිලධාරි මහතා සාක්ෂි දරැනු ඇත...මේ කාරනා අනුව මා අනතුරක් කර පලා ගොස් නැත...


එසේ පලා යන්නට තරම් මා මෝඩයෙකු නොවේ..ආදරනිය මිතරැ මිතුරියනි..ගොසිප් පිටු හී සහෘදයනි සත්‍ය කරැනු විමසා මිස මඩගැසිමෙන් වලකින්න මා මේ කියු සෑම දෙයක්ම සත්‍ය බව මිරිහාන පොලිසිය සාක්ෂි වනු ඇත..මා කවුරැන්ද බව මා සමග එකවතාවක් හෝ කතාකලවුන් දනිති....."

www.reader.lk