රංගන තැබූ ලෝක වාර්තාව මෙන්න
ටෙස්ට් කඩුලූ 400ක් දවාගත් ලොව පළමු වමත් දග පන්දු යවන්නා ලෙස රංගන හේරත් අද වාර්තා පොත් අතරට එක්වුණා. ඒ, පාකිස්තානය සමග අබුඩාබිහි පැවති පළමු ටෙස්ට් තරගයේදී.
Most Test wkts by left arm spinners
400 Rangana Herath
362 Daniel Vettori
297 Derek Underwood
266 Bishan Bedi
188 Shakib Al Hasan
එම තරගය ලකුණු 21කින් ජය ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම ස`දහා ලකුණු 419ක් රැුස් කළා.
ඊට පිළිතුරු ලෙස පාකිස්තානය පළමු ඉණිමට රැුස් කළ ලකුණු සංඛාව 422ක්. ශ්‍රී ලංකා දෙවන ඉණිම ලකුණු 138කට සීමා වුණා.
ඒ අනුව ජයග්‍රහණය සදහා පාකිස්තාන කණ්ඩායමට දෙවන ඉණිමේ දී හිමි වූ ඉලක්කය ලකුණු 136ක්.
රංගන හේරත් ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය හමුවේ පකිස්තාන දෙවන ඉණිම ලකුණු 114කට සීමා වුණා.
පාකිස්තාන දෙවන ඉණිමේ මුල් කඩුලූ 07 බිද වැටුණේ ලකුණු 98ක් තුළයි. රංගන හේරත් ලකුණු 43කට කඩුලූ 06ක් දවා ගත්තා.
දිල්රුවන් පෙරේරා ලකුණු 46කට බිද හෙළු කඩුලූ සංඛ්‍යාව 03ක්.
මෙම තරගයේ දී කඩුලූ 11ක් දවාගත් රංගන හේරත් තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තා.