විකට රංගන ශිල්පී පින් පොන් සමාවගත් වීඩියෝව ඉවත් කරගනී


විකට රංගන ශිල්පී පින් පොන් සමාවගත් වීඩියෝව ඉවත් කරගනී

රංගන ශිල්පී පින්පොන් හෙවත් රජිත හිරාන්ගේ ඉරාජ් වීරරත්න සහ පියුමි හංසමාලිගෙන් සමාව අයදමින් ෆේස්බුක් ඔස්සේ සජීවීව වීඩියෝවක් එක් කළා.


එම වීඩියෝව මේ වන විට සිය ෆේස්බුක් ගිණුම මගින් ඉවත් කර තිබෙනවා. ඒ සමාජ ජාල භාවිතා කරනන්ගෙන් ලැබුණු ප්‍රහාර හමුවේ.
සමාජ ජාල භාවිතා කරනන් ඔහුව විවේචනය කරමින් විවිධ නිර්මාණද සමාජ වෙබ් අඩවි තුලින් එක් කර තිබුණා.

විකට රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරන රජිත හිරාන් ෆේස්බුක් ඔස්සේ ප්‍රථම වීඩියෝවෙන් සජීවීව කියා සිටියේ පියුමිට එලෙස කිරීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් තමන් ඒ පිළිබද ආඩම්බර වන බවයි.

එමෙන්ම එලෙසම ඉරාජ් වීරරත්න හට ද එම ආකාරයෙන්ම සිදු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව රජිත වැඩිදුරටත් පැවසුවා.

එසේ තිබියදී හිරාන් යලිත් ඊයේ (7) ෆේස්බුක් ඔස්සේ සජීව එක්වෙමින් පවසා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් තමන්ගෙන් කියවුණු වචන සම්බන්ධයෙන් කණගාටු වන බවත් එම සිදුවීම සම්බන්ධයෙන් සමාව දෙන ලෙසත් ඉල්ලා සිටියා.

මේ වන විට එම විදියෝවත් ඉවත් කර යලත් නැවත වරක් වීඩියෝවක් එක් කරමින් ඔහු පවසන්නේ මුලින් තමන් සිටි ස්ථාවරයේ තමන් සිටින බවයි. කෙසේ වෙතත් විටින් විට මෙවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මොහු හාස්‍යට ලක්ව ඇති බවයි සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරනන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් ඔහුගේ මිතුරෙකු වන රැප් ගායකය Fil T ද ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කර තිබෙනවා.

01 වීඩියෝව ( ඔහු විසින් ඉවත් කරන ලද )



02 වීඩියෝව ( ඔහු විසින් ඉවත් කරන ලද )



03 වීඩියෝව






www.reader.lk