පින්පොන් ඉරාජ්ගෙන් සමාව අයදී


පින්පොන් ඉරාජ්ගෙන් සමාව අයදී

රංගන ශිල්පී පින්පොන් හෙවත් රාජිත හිරාන්ගේ ඉරාජ් වීරරත්න සහ පියුමි හංසමාලිගෙන් සමාව අයද සිටිනවා.

ඒ ඉකුත් දා ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙන්. ඉකුත්දා කොරියවේදී පියුමි හංසමාලි හට ප්‍රහාරයක් එල්ල වුණා.


ඒ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහක් ඇති වුණා. ඒ සමග කලාකරුවෙකු මෙන්ම විකට රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරන රාජිත හිරාන් ෆේස්බුක් ඔස්සේ සජීවීව කියා සිටියේ එලෙස කිරීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් තමන් ඒ පිළිබද ආඩම්බර වන බවයි.

එමෙන්ම එලෙසම ඉරාජ් වීරරත්න හට ද එම ආකාරයෙන්ම සිදු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව රාජිත වැඩිදුරටත් පැවසුවා.

එසේ තිබියදී හිරාන් යලිත් අද ෆේස්බුක් ඔස්සේ සජීව එක්වෙමින් පවසා ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් තමන්ගෙන් කියවුණු වචන සම්බන්ධයෙන් කණගාටු වන බවත් එම සිදුවීම සම්බන්ධයෙන් සමාව දෙන ලෙසත් ඉල්ලා සිටියා.

එම වීඩියෝ පටය පහතින් බලන්න.





ඔහු මිට පෙර කළ කතා පහතින්..


www.reader.lk