පොලිස් OIC ග්‍රාම නිලධාරිනියගේ හැට්ටය අස්සට අත දාලා ?


පොලිස් OIC ග්‍රාම නිලධාරිනියගේ හැට්ටය අස්සට අත දාලා ?

නිවසේ තම සැමියා නොමැති අතරේ නිවසට බීමතින් පැමිණි පොලිස් ස්ථානාධිපති වරයෙකු තම හැට්ටය තුළට අත දමා ලිංගික අතවරයක් කළ බවට පුවතක් වාර්තා වනවා.


මෙම සිද්ධිය පවසමින් ග්‍රාම නිලධාරිනියක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධියට අනුව අදාළ කාන්තාව පවසා ඇත්තේ රත්තොට පොලිස් ස්ථානාධිපති වරයා මෙලස තමන්ට අතවර කර බවයි.

එමෙන්ම තම සැමියා ඩෙංගු රෝගය වැළදී රෝහල් ගතව සිටින අතර බීමතින් තම නිවසට පැමිණි රත්තොට පොලිස් ස්ථානාධිපති වරයා අවස්ථා දෙකකදීම තමන්ට මෙලෙස ලිංගික අතවර කළ බවත් සදහන්.

එමෙන්ම මෙම සිද්ධිය කිසිවකුට නොපවසන ලෙස පවසා එසේ පැවසුව හොත් මරා දමන බවට තර්ජනය කළ බවත් එම ග්‍රාමනිලධාරිණිය පොලිස්පති වරයා වෙත ලිඛිතව පැමිණිලි කර ඇති බවට වාර්තා වනවා.

කෙසේ වෙතත් ඇගේ පැමිණිල්ල අනුව විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් රත්තොට පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගෙන ඇති බවද වැඩි දුරටත් වාර්තා වී තිබෙනවා.

www.reader.lk