මාව සම්පුර්ණයෙන්ම එලෙව්වේ සිංහල ජාතිය - රහල් අල්විස් කියයි


මාව සම්පුර්ණයෙන්ම එලෙව්වේ සිංහල ජාතිය - රහල් අල්විස් කියයි

"සිංහලයාට ගහන්නේ සිංහලයාමයි"



පසුගිය කාලයේ ලංකාවේ විශාල පිරිසක් පිඩාවට පත්ව ඇති අවස්ථාවක පුද්ගලික නාලිකාවක වැඩසටහනකදී ගායක රහල් අල්විස් කළ ප්‍රකාශයක් හේතුවෙන් දැඩි කතාබහක් ඇති වුණා.


එම වැඩසටහනට දුරකථන ඇමතුමක් ලබා ගන්නා කාන්තාවක් පවසන්නේ රටම මෙලෙස දුක්වන අවස්ථාව මාධ්‍ය ආයතනයක් වශයෙන් මෙලෙස වැඩසටහනක් පවත්වාගෙන යන්නේ කෙස්ද යන්නයි.

එහිදී වැඩසටහන මෙහෙය වන රහල් අල්විස් පවසන්නේ මොන දේ සිදු වුනත් වැඩසටහන පවත්වාගෙන යා යුතු බවත් මාධ්‍ය ආයතනය පවත්වාගෙන යා යුතු බවයි.

එමෙන්ම තමන්ව තරහා නොගස්සන ලෙසටත් අදාල ඇමතුම වෙත රහල් පවසා සිටියා.

එම හේතුවෙන් මේ සම්බන්ධව රටේ සමාජ ජාල භාවිතා කරනන් මෙන්ම විශාල පිරිසක් මේ සඳහා විවේචන එල්ල කළා.

මේ අතර තමන්ට එලෙස ප්‍රහාර එල්ල කලේ සිංහල ජාතියේම අය බව රහල් පවසනවා. ඔහු පවසන්නේ සිංහලයාට ගහන්නේ සිංහලයාම බවයි.

ඔහු මේ බව සඳහන් කරන වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි තුලට ඇතුලත් අකර ඇති අතර එම වීඩියෝ පටය පහතින් බලන්න.



සම්පුර්ණ වීඩියෝ පටය




www.reader.lk