මම හිතුවා ස්ටේජ් එකට ගියාම ප්‍රශ්නයක් ඇති කරයි කියලා


මම හිතුවා ස්ටේජ් එකට ගියාම ප්‍රශ්නයක් ඇති කරයි කියලා පියුමි සිද්ධිය විස්තර කරයි

" ලංකාවේ ගොසිප් ඇඩ්මින්ලා ගැන කියන්න හරිම ලැජ්ජයි.. ප්‍රසිද්ධ චරිත ඝාතනය කරන ලංකාව වගේ රටක් තව නැහැ "



පියුමි හංසමාලි කොරියාවේ ප්‍රසංගයකට එක්ව සිටියදී වේදිකාවට ප්‍රහාර එල්ල කළ බවට පුවත් වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇති වුණා.


මේ සම්බන්ධයෙන් පැහදිලි කිරීමක් කිරීමට පියුමි අද කොරියාවේ සිට ෆේස්බුක් ඔස්සේ සජීවීව එක් වුණා. එහිදී ඇය සිදුවීම මෙලෙස විස්තර කළා..

" රංගන ශිල්පිනියක ලෙස මා මට ලැබුන තිර පිටපත අනුව රඟ පෑවා පමණි. කිසිම පුද්ගලයෙකුට අපහාස හෝ අවලාද නැගීමට මම කිසිදිනක චරිතයක් සදහා පණ පොවා නැත. මින් මතුවට ද එසේ නොකරමි. සිංහල සිනමාවේ නිරුවතින් රඟ පෑ නිලියන් කොතෙකුත් සිටීද?

ඒ කිසිම කෙනකුට මට මෙන් අවලාද නගා ඇත්ද? පදනම් විරහිත ප්‍රතිචාර දමන අය ගැන කතාකල යුතු නැතැයි සිතමි. එහෙත් මට ඉතා පහත් අන්දමින් අවලාද හෝ අපහස කිරීමට පෙර මා ඔබෙන් අසන ප්‍රශ්නය නම් ඔබ ශුද්ධ වන්තයෙක් ද කියා පළමුව ඔබෙන් අසන්න. බොහෝ දෙනෙක් තමුන්ගේ නිරුවත වසා ගැනීම සඳහා අනෙකාගේ නිරුවත සෙවීම සිදු කරයි. අනෙකාගේ නිරුවත ගැන කතා කිරී මටපෙර තමාගේ නිරුවත වසා ගන්න "






www.reader.lk