පාසැල් සිසුවියන් අවුවේ කට්ට කාලා ගත්ත ගිනස් වාර්තාවට විරෝධය


පාසැල් සිසුවියන් අවුවේ කට්ට කාලා ගත්ත ගිනස් වාර්තාවට විරෝධය

ගිනස් වාර්තාවක් තැබූ බව කියන මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ සිදුවූ විවාහ මංගල්‍ය සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ඊයේ දිනයේ පැවති මෙම විවාහ මංගල්‍යයේ මනමාලිය ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ බවට පැවසෙනවා.

ඇය ඇඳ සිටි ඔසරියේ ඔසරි පටේ දිග මීටර් 3200 ක් දිග බවයි සඳහන් වන්නේ. එමෙන්ම එය පාසැල් සිසුවියන් 250 දෙනෙකු පමණ එය අල්ලාගෙන තිබෙන බව ද පැවසෙනවා.

එම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායකද විශේෂ ආරාධිතයෙකු ලෙස පැමිණ මෙම ස්ථානයට පැමිණ තිබෙනවා.

මේ සදහා පාසල් ළමුන් යොදා ගැනීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විරෝධය පල වනවා.







www.reader.lk