අසභ්‍ය වෙබ් අඩවි වලට වැඩිපුරම යන්නේ සිකුරාදා - සමීක්ෂණයකින් හෙළි වෙයි


අසභ්‍ය වෙබ් අඩවි වලට වැඩිපුරම යන්නේ සිකුරාදා - සමීක්ෂණයකින් හෙළි වෙයි

නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීමෙන් පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමට හැකියාවක් පවතින බවයි.

එංගලන්තයේ සිදු කර ඇති සමීක්ෂණයේදී මෙය හෙළි වී තිබෙනවා.

ඒ අනුව මේ හේතුවෙන් ලොවපුරා පුද්ගලයන් ලක්ෂ 08කගේ තොරතුරු පරිගණක දත්ත සොරුන්ගේ අතට පත් වී ඇති බව එම වාර්තා වල සදහන්.

පරිගණක ඔස්සේ අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීමෙන් ද මෙම තත්ත්වය ඇති වුව ද ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම සිදු කිරීමෙන් දත්ත සොරුන්ට අදාළ පරිශීලකයාගේ පෞද්ගලික දත්ත ඉතා පහසුවෙන් ලබාගත හැකි බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අදාළ වෙබ් පිටුවලට පිවිසීමෙන් අනතුරු ව ස්වයංක්‍රීය ව ක්‍රියාත්මකවන මෘදුකාංග මගින් දත්ත දුරකතනයෙන් පිටතට ලබාගත හැකිවන බව මෙහිදී හෙළිව තිබෙනවා.

එහි දී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ අසභ්‍ය වෙබ් පිටුවලට පිවිසීමෙන් අනතුරුව අදාළ දත්ත දුරකතනයෙන් මකාදැමීම සිදුකළ ද ඒවා නැවත ලබාගත හැකි බවයි.

අදාල පරීක්ෂණයට අනුව ලොව පුරා බොහෝ පිරිසක් සිකුරාදා දිනයන්හි අධික ලෙස අසභ්‍ය වෙබ් පිටුවලට පිවිසීම සිදුකරන බවත් අනාවරණ වී තිබෙනවා.

අවම වශයෙන් එවැනි වෙබ් අඩවි වෙත පිවිසීම සිදුවන්නේ සඳුදා දිනයන්හි බවට එම වාර්තාවන්ගේ වැඩිදුරටත් දැක්වෙනවා.

අන්තර්ජාල ආරක්ෂණ ආයතනයක් විසින් ස්මාර්ට් දුරකතන ලක්ෂයක් යොදා ගනිමින් සිදු කළ සමීක්ෂනයක දී හෙළි වී ඇත්තේ තෝරාගත් අසභ්‍ය චිත්‍රපට 50 ක් නැරඹීමට ඒ අතර කාන්තාවන් සියයට 18% ක් ඇබ්බැහි වී ඇති බවයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකතන මගින් අසභ්‍ය වෙබ් පිටුවලට පිවිසීම හරහා අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව රහසිගත නොවන බවයි.

www.reader.lk