ඉරාජ් මේ කළේ පලිගැනීමක්ද ?


ඉරාජ් මේ කළේ පලිගැනීමක්ද ?

වික්ටර් රත්නායක සහ පුතාලා එක්ක ඉරාජ්ට තියෙන ගැටුම මේකද ?


ඉරාජ් වීරරත්නගේ නවතම නිර්මාණය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. ඒ ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතා සම්බන්ධ කොට මෙම නිර්මාණය කර ඇති බවට චෝදනා එල්ල වීමත් සමගයි.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ඉරාජ් ට එල්ල වී ඇති අතර මේ වන විට විශාල පිරිසක් මෙම වීඩියෝව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

මේ අතර ඇතැමුන් පවසන්නේ මෙය සිදු කර ඇත්තේ වික්ටර් රත්නායක මහතාගේන පළිගැනීමේ අරමුණින් මෙය සිදු කර ඇති බවයි.

එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ මිට වසර 15 පමණ පෙර ඉරාජ් වීරරත්න සහ භාතිය සන්තුෂ්ව ප්‍රසිද්ධියේ සජීවී වැඩසටහනකදී විවේචනය කිරීමයි.

ඔවුන් වැඩි දුටරත් දක්වන්නේ ඉරාජ් වීරරත්න සහ භාතිය සන්තුෂ්ට එම වැඩසටහනේදී වික්ටර් රත්නායක මහතා මඩ ගසා පවසා ඇත්තේ ඔවුන් කරන සියල්ල පවතිනේ නැති බවයි.

එම කාල සිමවේම භාතිය සන්තුෂ් වැඩසටහකට සහභාගී වෙමින් පවසා ඇත්තේ ප්‍රවීණයන්ගේ ගල් මුල් තමන් භාර ගන්නා බවත් තමන්ගේ ගමන තමන් යන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉරාජ් එම කාලයේදී කිසිදු ප්‍රකාශයක් හෝ සිදු කර නැහැ. අදහස් දක්වන්නන් පවසන්නේ ඉරාජ් හරි කාලයකදී එහි පිළිතුරු ලබා දී ඇති බවයි.

මේ සමබන්ධයෙන් අප ඉරාජ් ගෙන් විමසීමක් කළද ඔහු මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දුන්නේ නැහැ.

ඔහු දැක්වූ අදහස් පහතින් බලන්න.


www.reader.lk