රැප් කරන උන්ගේ දිව කපනවා - වික්ටර් රත්නායක


රැප් කරන උන්ගේ දිව කපනවා - වික්ටර් රත්නායක


ඉරාජ් වීරරත්නගේ නවතම නිර්මාණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.


එයට මුලික හේතුව ලෙස සමාජ ජාල භාවිතා කරනන් පවසන ආකාරයට මෙය ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාට පහර ගැසීමේ අරමුණින් සිදු කර ඇති බවයි.


එම හේතුවෙන් මෙම ගීතය අන්තර්ජාලය හරහා පැමිණිලි කිරීමක්ද සිදු වුණා. ඒ ගීතය Youtube ආයතනයෙන් ඉවත් කරන ලෙසටයි.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඇතැමුන් කියා සිටියේ මෙය වික්ටර් රත්නායක මහතා අවුරුදු ගණනකට පෙර සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් පළිගැනීමේ අරමුණින් නිෂ්පාදනය කර ඇති බවයි.


මිට වසර 15 පමණ පෙර වික්ටර් රත්නායක මහතා රැප් ගීත සම්බන්ධයෙන් පුවත් පතකට අදහස් දක්වා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ මෙම රටට ඒකාධිපතියෙක් අවශ්‍ය බවත් රැප් ගීත වැනි ගීත නිර්මාණය කරන පුද්ගලයින්ගේ දිව කපා දැමිය යුතු බවයි.

එමෙන්ම වසන්ත වසන්ත දුක්ගන්නා රාළ විසින් පද රචනය කරන ලද " කංසා බොන සොඳා " ගීතයද විවේචනය කර තිබෙනවා.

එමෙන්ම භාතිය සන්තුෂ්ව ද වික්ටර් රත්නායක මහතා විසින් සජීවී වැඩසටහනකදී විවේචනය කර තිබෙනවා.


සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරනෙන්නෙකු පෙන්වා දෙන්නේ වික්ටර් රත්නායක මහතා රැප් කලාකරුවන් හට මඩ ගසා ඇති බවයි.


එම කාල සිමවේම භාතිය සන්තුෂ් වැඩසටහකට සහභාගී වෙමින් පවසා ඇත්තේ ප්‍රවීණයන්ගේ ගල් මුල් තමන් භාර ගන්නා බවත් තමන්ගේ ගමන තමන් යන බවයි.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉරාජ් එම කාලයේදී කිසිදු ප්‍රකාශයක් හෝ සිදු කර නැහැ. අදහස් දක්වන්නන් පවසන්නේ ඉරාජ් හරි කාලයකදී එහි පිළිතුරු ලබා දී ඇති බවයි.


ඔහු දැක්වූ අදහස් සහ ඔහු එම ගීත සම්බන්ධයෙන් ලංකාදීප පුවත් පතට දැක් වූ අදහස් පහතින් බලන්න.





www.reader.lk